
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අතුරිගිරිය ප්‍රදේශයේ ඊයේ (08) සිදු වූ වෙඩි තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ නයන වාසුල විජේසූරිය යන අය ජීවිතක්ෂයට පත්විය.
එසේ ජීවිතක්ෂයට පත් වූ නයන වාසුල විජේසූරිය නම් පුද්ගලයා අතුරුගිරිය රතුවිලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි අයෙකි.
ඔහු ගායන ශිල්පිනී කේ.සුජීවා සමග මෙම අවස්ථාවට පැමිණ තිබිණි.
නයන වාසුලගේ දේහය අධිකරණ නියෝගයක් පරිදි ගායන ශිල්පිනී කේ. සුජීවාට භාර දී තිබේ.
මෙම වෙඩි තැබිමෙන් තුවාල ලැබු කේ.සුජීවා කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන නිසා ඇගේ දියණියන් දෙදෙනා විසින් දේහය භාරගෙන තිබෙන බවට වාර්තාවේ.
නයන වාසුල සහ කේ. සුජීවා 2021 වසරේ විවාහා වී තිබෙන බවට පැවැසේ.
නයන වාසුල නැමැත්තා කලකට ඉහත දී පැවිදි ජීවිතයක් ගතකරමින් ගම්පහ මහානාම හිමි නමින් සිටිමින්, පසුව ගිහි බවට පත්ව තිබේ.
ඔහුගේ දේහය මාලඹේ බස් නැවතුම්පල අසල චන්ද්‍ර පනාගොඩ මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අද(10) සවස 4.00ට අවසන් කටයුතු සිදුකෙරේ.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart