
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යාපනය, අරියාලෙයි වෙරළ තීරයේ සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකින් ඊයේ(29) වාණිජ පුපුරන ද්‍රව්‍ය ඇසුරුම් 51 ක් සොයාගැනීමට නාවික හමුදාවට හැකියාව ලැබී ඇත.
මසුන් ඇල්ලීම සඳහා පුපුරන ද්‍රව්‍ය භාවිත කිරීම සාගර ජීවීන්ට බරපතල තර්ජනයක් වන අතර සමුද්‍ර පරිසර පද්ධතිවලට දිගු කාලීන හානියක් සිදු කළ හැකිය.
එබැවින් ශ්‍රී ලංකා නාවික හමුදාව පුපුරන ද්‍රව්‍ය යොදා ගනිමින් සහ දිවයිනේ මුහුදු තීරයේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම වැළැක්වීම සඳහා නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.
මෙවැනිම මෙහෙයුමකදී උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික වේළුසුමන නෞකාව විසින් ජුලි 29 වන දින අරියාලෙයි වෙරළ තීරයේ විශේෂ මෙහෙයුමක් සිදු කර, ඒ අසල පඳුරක සඟවා තිබූ සැක කටයුතු ගෝනියක් සොයගෙන ඇත.
මෙම ගෝනියේ වාණිජ පුපුරන ද්‍රව්‍ය ඇසුරුම් 51ක් පුරවා තිබූ අතර පසුව ඒවා නාවික හමුදා භාරයට ගෙන ඇත.
නීතිවිරෝධී ධීවර කටයුතු සඳහා යොදාගැනීමේ අරමුණින් මෙම පුපුරන ද්‍රව්‍ය සඟවා තබන්නට ඇති බවට සැකකෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart