
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජනබලවේගයේ දේශපාලන රැස්වීම් කිහිපයකට සහභාගි වූ බවට චෝදනා එල්ල කර විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොත්තට අහිමි කළ, අදාළ තනතුරට හිමි සියලු වරප්‍රසාද නැවත ලබාදීම සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා බව නීතිපතිවරයා ඊයේ (07) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.
විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙක්වන තමාට ඕනෑම දේශපාලන මතයක් දැරීමට හා දේශපාලන රැස්වීමකට සහභාගිවීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති අතර, එම කරුණු මුල්කරගෙන තමා ,බ්ලැක් ලිස්ට් කළ බව ගුවන් හමුදාපතිවරයා ප්‍රකාශ කරමින්, එම ක්‍රියාව නිසා සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව, පෙත්සම්කරු සිය මූලික අයිතිවාසිකම් පෙත්සම මඟින් සඳහන් කර තිබේ.
එම පෙත්සම යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවන් හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි රජයේ අධිනීතිඥවරිය විනිසුරු මඬුල්ලට ඒ බව දැනුම් දී ඇත.
එමෙන්ම අදාළ පෙත්සම ලබන මස 06 වැනිදා කැඳවීමට දින නියම කළ විනිසුරු මඬුල්ල, එදිනට පෙර පෙත්සම්කරුගේ වරප්‍රසාද සම්බන්ධයෙන් ලිඛිතව ඔහුට හා ඔහුගේ නීතිඥවරයාට දැනුම් දෙන ලෙසට නීතිපතිවරයාට නියෝග කර තිබේ.
නීතිඥ සුනිල් වටගල සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිට ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart