
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බෙහි පවතින ග්‍රහලෝක, කළු කුහර මෙන්ම අඳුරු ශක්තිය පිළිබඳව පුළුල් ගවේෂණයක් සිදුකිරීමේ අරමුණින් නාසා ආයතනය විසින් නිර්මාණය කළ මීළඟ පරම්පරාවේ ප්‍රබලතම අභ්‍යවකාශ දුරේක්ෂය ‘නැන්සි ග්‍රේස් රෝමන්’ (Nancy Grace Roman) මේ වනවිට සාර්ථකව අභ්‍යවකාශගත කර තිබේ.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කරනුයේ , ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ස්පේස්එක්ස් (SpaceX) රොකට්ටුවක ආධාරයෙන් මෙය ගුවන්ගත කෙරුණු බවයි.
ලොව ප්‍රකට හබල් සහ ජේම්ස් වෙබ් දුරේක්ෂවලට වඩා සිය ගුණයක් විශාල දෘශ්‍ය පරාසයක් ආවරණය කිරීමට මෙම නව දුරේක්ෂයට හැකියාව පවතී. ඒ හරහා අභ්‍යවකාශයේ අතිවිශාල කලාපයක පැහැදිලි දසුන් එකවර ලබාගැනීමට විද්‍යාඥයන්ට අවස්ථාව උදා වනු ඇත.
මෙම ඓතිහාසික පියවර පිළිබඳව අදහස් දැක්වූ නාසා ආයතනයේ නිලධාරිනී නිකී ෆොක්ස් පෙන්වාදුන්නේ, රෝමන් දුරේක්ෂය මගින් විශ්වය පිළිබඳ මානව අවබෝධය සම්පූර්ණයෙන්ම වෙනස් මාවතකට යොමු කරනු ඇති බවයි. “නව බාහිර ග්‍රහලෝක ලක්ෂයක් පමණ මෙයින් සොයාගත හැකි වෙතැයි අප බලාපොරොත්තු වෙනවා. විශ්වයේ ජීවය ඇත්තේ පෘථිවියේ පමණක් ද යන ප්‍රශ්නයට පිළිතුරක් සෙවීම නාසා ආයතනයේ ප්‍රධාන අරමුණක්” යනුවෙන් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
දුරේක්ෂය ගුවන්ගත කිරීමේ මෙහෙයුම අතිශයින්ම සාර්ථක වූ බව නාසා ව්‍යාපෘති කළමනාකාරිනී ජැකී ටවුන්සෙන්ඩ් ද තහවුරු කළාය.
මෙම සුවිශේෂී ජයග්‍රහණයෙන් අනතුරුව පැවති ජනමාධ්‍ය හමුවක් අතරතුරදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දුරකථනයෙන් ඊට සම්බන්ධ වී ඇත. එහිදී ඔහු මෙම දැවැන්ත ව්‍යාපෘතිය පිටුපස සිටි සියලුම විද්‍යාඥයින්ට සහ කාර්මික ශිල්පීන්ට සිය උණුසුම් සුබ පැතුම් එක් කළ බව වැඩිදුරටත් වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart