September 24, 2025

එළඹෙන පෙබරවාරි මාසයේදී සඳ වටා දින දහයක ගමනක් සඳහා ගගනගාමීන් කණ්ඩායමක් අභ්‍යවකාශගත කිරීමට බලාපොරොත්තු වන බව නාසා ආයතනය පවසා තිබේ.

එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය මීට පෙර අප්‍රේල් මස අවසානයට පෙර එම මෙහෙයුම දියත් කිරීමට සූදානමින් සිටියද සිය අරමුණ ඉදිරියට රැගෙන ආ බව එම ඒජන්සිය පවසයි.

ලොව ඕනෑම රටක් සඳ මෙහෙයුමක් දියත්කර වසර 50 ක් ගතවී ඇති පසුබිමක නාසා ආයතනය මෙලෙස එහි ගගනගාමීන් හතරදෙනකු නැවත සඳ මෙහෙයුමක් සඳහා පිටත් කර හරිනු ඇත.

එහි පූර්ව නිවේදනයක් ලෙස නාසා ආයතනය පැවසුවේ, එහි ආටෙමිස් වැඩසටහනේ පළමු කාර්ය මණ්ඩල ගුවන් ගමන පෙබරවාරි මස මුලදී සඳ වටා ගමන් කරන බවයි.

අභ්‍යවකාශ ඒජන්සියේ ආටෙමිස් වැඩසටහන යනු මිනිසුන් නැවත සඳට ගෙනයෑම සඳහා එක්සත් ජනපදය විසින් දරන ප්‍රමුඛතම උත්සාහයයි.

එය 2030 දී ගගනගාමීන් සඳට ගොඩබෑමක් ඉලක්ක කරගත් චීනයේ සමාන උත්සාහයකට තරඟ කරන ඩොලර් බිලියන ගණනක මෙහෙයුමකි.

නාසා ආයතනයට අනුව, ආටෙමිස් II මෙහෙයුමේ අරමුණ, සඳ වටා දින 10ක ගමනක් වන අතර, එහි අරමුණ වන්නේ විද්‍යාත්මක සොයාගැනීම්, ආර්ථික ප්‍රතිලාභ සඳහා චන්ද්‍රයා ගවේෂණය කිරීම සහ අඟහරු වෙත පළමු කාර්ය මණ්ඩල මෙහෙයුම් සඳහා අඩිතාලම දැමීමයි.

ආටෙමිස් II හි කාර්ය මණ්ඩලය සඳ මතට ගොඩනොබසින නමුත් 1972 සිට පහළ පෘථිවි කක්ෂයෙන් ඔබ්බට ගමන් කරන පළමු පුද්ගල කණ්ඩායම ඔවුන් වනු ඇති බව බීබීසී වාර්තා කර තිබේ.