
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අරාබියේ සහ ඊශ්‍රායලයේ ප්‍රසිද්ධ ව්ලොග්කරුවෙක් වන නැස් ඩේලි (Nas Daily) ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සහ ආයෝජන කටයුතු ප්‍රවර්ධනය වෙනුවෙන් වීඩියෝ පට තුනක් නිෂ්පාදනය කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
‘ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්නේ ඇයි?’, ‘ශ්‍රී ලංකාවේ පිස්සුම දුම්රිය ගමන’ සහ ‘ශ්‍රී ලංකාවේ දියඇලි’ යන විවිධ තේමා යටතේ නැස් ඩේලි වීඩියෝ තුනක් නිෂ්පාදනය කරන බව සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු සඳහන් කරයි.
මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණය යටතේ මෙම වීඩියෝ නිර්මාණ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ද ඇමැතිවරයා පවසයි.
එමෙන්ම කොවිඩ් වසංගතය හේතුවෙන් 2020 වසරේ දී දිවයිනේ සිරවී සිටි සංචාරකයන් රැකබලා ගැනීමට ශ්‍රී ලංකාව දරන උත්සාහය අගය කරමින් වීඩියෝවක් ද ඔහු විසින් පළ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart