
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව පවත්වාගෙන යනු ලබන මුදල් විශුද්ධිකරණය කිරීමේ නඩුවේදී අසත්‍ය සාක්ෂි ලබාදුන් බව කියන දේපළ වෙළෙඳ ව්‍යාපාරිකයකුට එරෙහිව නීතිමය පියවර ගෙන චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර ප්‍රකාශ කර ඇත.
කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී පාලිත ගමගේ නැමැති මෙම සාක්ෂිකරු විසින් මෙලෙස අසත්‍ය හා පරස්පර විරෝධී සාක්ෂි ලබාදී තිබේ.
සාක්ෂිකරු විසින් 2016 වසරේදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ ලබාදී තිබූ ප්‍රකාශයට සම්පූර්ණයෙන්ම පටහැණි වන පරිදි අධිකරණය හමුවේ සාක්ෂි ලබාදී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා හරස් ප්‍රශ්න ඇසීමේදී පෙන්වා දුන්නේය.
යෝෂිත රාජපක්ෂ විසින් රත්මලාන ප්‍රදේශයෙන් මිලදී ගත් බව කියන ඉඩමකට අදාළ ඔප්පු මෙම සාක්ෂිකරු ළඟ තිබී පසුව සොයාගෙන තිබිණි.
මෙලෙස අධිකරණය හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදීම මගින් මෙම නඩුවේ අනෙකුත් සාක්ෂිකරුවන්ට ද යම් බලපෑමක් සිදුවිය හැකි බව පැමිණිලි පාර්ශවය අවධාරණය කළේය.
අසත්‍ය සාක්ෂි දුන් පාලිත ගමගේ නැමැති සාක්ෂිකරුවා රුපියල් මිලියන 2ක ඇප මත මුදාහැරීමට නියෝග කළ විනිසුරුවරයා, මෙම නඩුව විභාග වන සෑම දිනයකම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට තදින්ම අවවාද කර සිටියේය.
යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් පෙනී සිටි අතර, නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝබර් 02 වැනි දිනට කල් තබන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart