
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව පුරා මිලියන ගණනක ජනතාවක් අතර ජනාදරයට පත් ‘ව්ලොග්’ නිර්මාණකරුවකු වන නාස් ඩේලි (Nas Daily) සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවට පැමිණි අතර ඊයේ(20) ඔහු සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සමග එක්ව ගිවිසුමකට එළැඹිණි.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා එම ගිවිසුම මහත් පිටුවහලක් වනු ඇතැයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.
මෙම ඊශ්‍රායල -අරාබි ජාතික ව්ලොග් නිර්මාණකරුවා ලොව පුරා සිටින මිලියන ගණනක රසික ප්‍රජාවගේ ආදරය හිමි චරිතයක් වන අතර, This is Made of Poop, My Biggest Money Mistake, The Key Board Warrior යනුවෙන් නම් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු ඇතුලත් වීඩියෝ පට තුනක් ඔහු නිර්මාණය කර ඇත.
2020 වසරේදී නාස් ඩේලි, කොවිඩ් වසංගත සමය තුළ වඩාත්ම නිර්ලෝභීව කටයුතු කළ රට වශයෙන් (The Most Generous Country During Covid) ශ්‍රී ලංකාව නම් කරමින් නිකුත් කළ වීඩියෝ පටයක්ද නිර්මාණය කරනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart