
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රංශයේ මහා අධිරාජයා ලෙස විරුදාවලි ලත් නැපෝලියන් බොනපාට් එවකට භාවිත කළ හිස් වැස්මක් ප්‍රංශ වෙන්දේසියකදී යුරෝ මිලියන දෙකකට ආසන්න මුදලකට අලෙවි වී ඇත.
බ්ලැක් බීවර් ෆීල්ඩ් නමින් හඳුන්වන මෙම තොප්පිය ඉරිදා ඩූඕට් වෙන්දේසි මන්දිරයේදී යුරෝ මිලියන 1.932 (ඩොලර් මිලියන 2.1) කට වෙන්දේසි වී ඇති අතර, එම වෙන්දේසි ආයතනය විසින් මිට පෙර තබා ඇති මුදල (2014 දී යුරෝ මිලියන 1.884 කි) සඳහා වූ වාර්තාව බිඳ දමමින් මෙසේ මෙම තොප්පිය අලෙවි වී තිබේ.
මෙම තොප්පිය අවසන් වරට හිමිවූයේ පසුගිය වසරේ මියගිය ව්‍යාපාරික ජීන් ලුවී නොයිසීස් හටය.
නැපෝලියන් සතුව එවැනි තොප්පි 120ක් පමණ තිබූ බව විශ්වාස කෙරෙන අතර, ඒවායින් බොහොමයක් අස්ථානගතවී ඇත.
නැපෝලියන් 1808 සිට 1815 දක්වා පැවති අධිරාජ්‍යයාගේ කාලයේ මැද භාගයේදී මෙම තොප්පිය පැළඳ සිටි බව වෙන්දේසි ආයතනය පවසයි.
වෝටර්ලූහිදී බ්‍රිතාන්‍ය සහ ප්‍රෂියානු හමුදාවන්ට එරෙහිව කළ සටනින් පරාජයට පත් වූ ඔහු 1815 දී පිටුවහල් කරන ලද අතර 1821 දී අත්ලාන්තික් සාගරයේ පිහිටි ශාන්ත හෙලේනා දූපතේදී මියගියේය.
මෙම වෙන්දේසිය පැවැතියේ ඔහු පිළිබඳ චරිතාපදානයක් ලොව පුරා සිනමාහල් වෙත පැමිණීමට දින කිහිපයකට පෙරය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart