September 29, 2026

දෙහිවල සත්වෝද්‍යානයේදී උපත ලද නයිල් හිපොපොටේමස් පැටවා සඳහා තෝරාගත් ජයග්‍රාහී නම එළඹෙන ඔක්තෝබර් 01 වැනි දින ලෝක ළමා දිනයට සමගාමීව ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

මෙම කුඩා හිපොපොටමස් පැටවාට නමක් තැබීම සඳහා දරුවන්ගෙන් ලැබුණු යෝජනා රාශියක් අතරින් මෙම නම තෝරාගෙන ඇත.

ළමයින්ට සහ සත්වෝද්‍යානයට පැමිණෙන නරඹන්නන්ට විශේෂ අවස්ථාවක් උදාකරමින්, තෝරාගත් ජයග්‍රාහී නම එදින දෙහිවල සත්වෝද්‍යානයේදී නිල වශයෙන් එළිදක්වන බව සත්ව උද්‍යාන බලධාරීහු පවසති.

එමෙන්ම, තෝරාගත් නම යෝජනා කළ ජයග්‍රාහකයා වෙත විශේෂ ත්‍යාගයක්ද ප්‍රදානය කිරීමට නියමිතය.

හිපොපොටේමස් පැටියා සඳහා තෝරාගත් අලුත් නම දැනගැනීමට ලෝක ළමා දින උත්සවයට දෙහිවල සත්ව උද්‍යානය වෙත පැමිණෙන ලෙස නරඹන්නන්ට ආරාධනා කරයි.