
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාර්ග නීති උල්ලංඝනය කරන රියැදුරන් සහ පොලිසිය විසින් ඊට දඩ නියම කරන ක්‍රමවේදය මෙන්ම, ඊට සමගාමීව රියදුරු බලපත්‍රයේ ලකුණු අඩුවන ආකාරය විෂය භාර ඇමැති බිමල් රත්නායක පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
“නියමු ව්‍යාපෘතියක් වෙන්නේ කොහොමද කියන එක ගැන ඉතාම කෙටි පැහැදිලි කිරීමක් ජනතාවට කරන්න කැමතියි. දැන් මේකේ සාමාන්‍යය උදාහරණයක් කිව්වොත්, අපි හිතමු අපි රියදුරු මහත්මයෙක් අතින් සුදු ඉරි දෙක නැත්නම් ඩබල් ලයින් එක කපලා අපි වරදක් කළා කියලා. එතකොට අපිට ඊට අදාළ කරන දඩ මුදලක් තිබෙනවා. ඒ දඩ මුදල අපිට ඔය කියන ඕනම තැනකදී ගෙවන්න පුළුවන්. අපි ළඟ ෆෝන් එකක් තියෙනවා නම් නැතිනම් ගෙවන ක්‍රමය පැහැදිලි කළා.
ඒ දඩ මුදල ගෙව්වට පස්සේ වෙන දේ තමයි, අදාළ රියදුරු මහත්තයාගේ ජංගම දුරකථනයට SMS එකක් එනවා. SMS එකේ තිබෙනවා ඔබ මෙන්න මේ වැරැද්ද කළා, ඒ සඳහා ඔබ මෙච්චර දඩ මුදලක් ගෙවලා තියෙනවා. ඔබේ ලකුණුවලින් ඒ නිශ්චිත වැරැද්දට මෙන්න මෙච්චර ලකුණු ප්‍රමාණයක් කැපුණා කියලා.
දැන් උදාහරණයක් විදිහට ඕනම රියදුරු මහත්මයෙක්ට අපි ලකුණු 30කින් පටන් ගන්නවා නම්, 30 ද, 24 ද කියන එක අපි ඉදිරියට තීන්දු කරන්න තියෙනවා. 30න් නම් පටන් ගන්නේ එතකොට ඒ කියන ලකුණු ප්‍රමාණය බොහෝදුරට අවුරුදු දෙකකට තියෙන්නේ.
අපි වැරදි කරන ප්‍රමාණයට මේ 30 අඩුවෙනවා. 30, 28 වෙන්න පුළුවන්, 27 වෙන්නත් පුළුවන්, ලොකු වැරැද්දක් කළොත් ලකුණු දෙක තුනක් වැඩිපුර කැපෙන්න පුළුවන්. එහෙම කැපිලා අපි දන්නවා එතකොට හැමවෙලේම අපි ලකුණු හතකට අටකට අඩුවෙලා තියෙනවා කියලා.
අපි දන්නවා තව වැරදි දෙක තුනක් කරපු ගමන් අපිට රියදුරු බලපත්‍රය අහිමි වෙනවා යම් කාලයකට.
සාමාන්‍යයෙන් ලෝකේ රටවල වෙන විදිහ ගත්තොත් එහෙම ලකුණු 24න් පටන් ගන්නවා නම්, උදාහරණයක්ට අපිට ලකුණු බිංදු වුණාම වෙන්නේ අපි හිතන්න ගන්නවා අවුරුද්දක් මාස 12ක් විතර යනකොට ලකුණු බිංදු වෙලා නම් අපිට ඊළඟ අවුරුද්දම අපිට ලයිසන් එක නැතුව ඩ්‍රයිව් කරන්න බැරුව ඉන්න වෙනවා කියලා.
සාමාන්‍යයෙන් ඒ නිසා විදේශ රටවල තියෙන අත්දැකීම තමයි තමන්ගේ ලකුණු කැපිලා කැපිලා අන්තිම ලකුණු පහයි නම් තියෙන්නේ, අර හැම කෙනාටම තියෙන අහිමි වීමේ වේදනාව කියලා එකක් නේ. එතකොට වෙන දේ තමයි ඉබේ පරිස්සම් වෙනවා. තව ලකුණු හයයි මාස හයයි නේ ඉතුරු වෙලා තියෙන්නේ. ඊළඟ අවුරුදු දෙක සම්පූර්ණ වෙද්දී, ඒ මාස හයේදී උපරිම පරිස්සම් වෙනවා ඒ ලකුණු හය කපාගන්නේ නැතුව තියාගන්න.
ඒ නිසා අපි පළවෙනි මාස හයේදී ඔක්තෝබර් ඉඳලා 27 මාර්තු 31 වෙනකල් කරන්නේ නියමු ව්‍යාපෘතියක්. මේ නියමු ව්‍යාපෘතිය ඇත්තටම ප්‍රායෝගිකව ලකුණු කැපීමක් වෙන්නේ නැහැ. හැබැයි අපි ජනතාව දැනුවත් කරනවා ඔබ කරපු වැරැද්දට හරියට නම් ඔබට ලකුණු කැපිය යුතුව තිබුණා හැබැයි මේක නියමු ව්‍යාපෘතියක්. ඔබ හුරුකරන්න කරගෙන යන දෙයක්. 27 මාර්තු 31න් පස්සේ නම් ඔබ මේ වැරැද්ද කළොත්, ඔබට අනිවාර්යයෙන්ම ලකුණු කැපෙනවා.
ඒ නිසා අර 27 මාර්තු වලින් පස්සේ අපි වැරැද්දක් කරොත් ලකුණු අඩු වෙනවා. අවුරුදු දෙකක්ද තුනක්ද කියලා තීන්දු කරන්න ඕනේ. ඒ කමිටු වලින් අපි තීරණය කරගෙන යනවා ඒ ගැන. ඒ නීති සංශෝධනයක් කරන්න ඕනේ මේකට. ඒවායින් පස්සේ අපි උදාහරණයක්ට ගත්තොත් හැම අවුරුදු දෙකකටම සැරයක් රියදුරු මහත්වරුන්ට තමන්ගේ සම්පූර්ණ ලකුණු ප්‍රමාණය එකතු වෙනවා.
ඒ නිසා වැරදි කළොත් වැරදි කරා කියලා සදහටම ඩ්‍රයිවින් ලයිසන් එක අහිමි වෙන්නේ නැහැ. උසාවියකින් විශේෂිත තහනම් කළේ නැතිනම්. ඩිමෙරිට් සිස්ටම් එක යටතේ කරන්න පුළුවන් වැරදි ඒකට ලකුණු අඩු වෙන්න වැරදි දැනට තියෙන්නේ 33යි.
ඒ 33 යටතේ සමහර වැරදි තියෙනවා ඒවා කෙළින්ම උසාවියට යොමුවෙනවා. ඒවට මේ ක්රමයේ හරියන්නේ නැහැ. නමුත් එසේ නොවන සුලභ වැරදි 33ක් පොලීසියේ සහ මෝටර් රථ දෙපාර්තමේන්තුව හඳුනගෙන තිබෙන්නේ.
ඒ 33ට තමයි මෙහෙම ගෙවන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා මේකේ වෙන දේ තමයි ඔබ වැරැද්දක් කළාම SMS එකක් එනවා මෙන්න මේකයි වැරැද්ද මේකට මෙච්චර ලකුණු අඩුවුණා කියලා.
ඒ වගේම තමයි අපි හිතනවා බොහෝදෙනෙක්ට දැන් පොලිසිය හැමවෙලාම ඇරලා තිබෙන නිසා මම හිතනවා තමන්ගේ රියදුරු බලපත්‍රය ගන්න කාලය නාස්ති කරන්න ඕනේ නැහැ. ඒක ගන්නත් තව වාහනයකින් එහෙ මෙහෙ යන්න ඕනේ නැහැ. පොලිසියේනේ නේ ඩ්‍රයිවින් ලයිෂන් එක තියෙන්නේ.
ඒ නිසා එතනින්ම ගෙවලා එතනින්ම ගන්න පුළුවන් වීම හරහා ඔබට විශේෂ වෙලාවෙ ඉතුරුවකුත් වෙනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart