
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ III වන අදියර යටතේ කිරුළපන මංසන්ධියේ සිට කොළඹ-හොරණ මාර්ගයේ දුටුගැමුණු වීදිය දක්වා වන කිලෝමීටර 0.86ක මාර්ග කොටස මංතීරු හයකින් යුතුව වැඩිදියුණු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ මාර්ගය යටින් දිවෙන මාර්ගයක් (underpass), සංඥා පද්ධති සහිත මංසන්ධි, පදික පහසුකම් සහ ජලාපවාහන පද්ධති සංවර්ධනය ඇතුළු යටිතල පහසුකම් රැසක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
ජාතික තරගකාරී ලංසු ක්‍රමවේදය අනුගමනය කරමින් කැඳවන ලද ලංසු 07ක් ඇගයීමට ලක්කිරීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන මාගා ඉංජිනියරින් (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට තීරණය කර තිබේ.
එකතු කළ අගය මත බදු (VAT) රහිතව රුපියල් බිලියන 2.89ක මුදලකට මෙම කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart