
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය සමඟ වෙළද ශේෂ අතිරික්තයක් පවතින බව අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී හෙළිවී තිබේ.
“GSP ප්ලස්, යුරෝපා සංගමය සහ උතුරු ඇමරිකානු කලාප අතර වන වෙළෙද සබඳතා පිළිබඳව අදාළ කමිටුව හමුවට ඉදිරිපත් කිරීමක් සිදුකරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් විසින් මෙම කරුණු අනාවරණය කර ඇත.
මේ පසුබිම තුළ යුරෝපා සංගමය සහ ඇමරිකාව අතර වන වෙළද සබදතා තවදුරටත් පුලුල් කර ගැනීමටත් එ් සදහා තානාපති කාර්යාල ඇතුළු අංශවල සහය ලබා ගැනීමටත් මෙම කාරක සභාවේ දී තීරණය කර තිබේ.
අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිතිඥ නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේ දී මෙම කමිටු රැස්වීම පැවති අතර ඊට එක්වූ නවක මන්ත්‍රීවරුන් සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් , එකතු කළ අගය මත නිෂ්පාදන බවට පත්කොට අපනයනය කිරීමට පියවර ගත යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart