March 23, 2024

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විපක්ෂය දෙන ආ විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිටියේ ඩුබායි රාජ්‍යයේ බව අනාවරණය වේ.

මේ සම්බන්ධයෙන් සතිඅන්ත පුවත්පතක් වාර්තා කර ඇත්තේ, මේ ආකාරයෙනි.

“කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රිවරුන් විසින් ගෙන එන ලද විශ්වාසභංගයට නාමල් ඡන්දය දීමට නොපැමිණීම ගැන දෙපාර්ශ්වයේම මන්ත්‍රිවරුන් අතර ලොකු කතාබහක් විය. ඒ නාමල්ගේ අඩුව කැපී පෙනුණ බැවිනි. පාර්ලිමේන්තුවේ බොහෝ මන්ත්‍රිවරුන් පිරිසක් විමසා සිටියේ නාමල් රාජපක්ෂ ඡන්දය දීමට නොපැමිණියේ ඇයිද යන්නයි.

මෙහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු නාමල්ට දුරකථන ඇමැතුමක් දුන්නේය. ඒ මන්ත්‍රිවරුන් පිරිසක් ඉදිරියේදීය. “නාමල් මම ජොනී. මෙන්න මගෙන් කට්ටිය අහනවා ඇයි අද ඡන්දෙට ආවෙ නැත්තේ කියලා.” ජොනී සිනාසෙමින් ස්පීකර් ෆෝන් දැම්මේය. “ආ මම හදිසියේම ඩුබායි ආවා. මම කථානායකතුමාව දැනුවත් කරලයි
ආවේ.” “