
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන ව්‍යාපාර බවට පත්කිරීම සඳහා ඒවා පෞද්ගලිකකරණය කිරීම ගැන සළකාබැලීම තේරුම් ගත හැකි වුවත්, දැනටමත් ලාභ ලබන ආයතන පෞද්ගලිකරණය කිරීම දැඩි අවධානයට ලක්විය යුතු කරුණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
පාඩු ලබන ආයතන සඳහා තාක්ෂණික සහාය ලබානොගෙන ආයෝජකයන්ගේ පැමිණීමක් නොමැතිව වුවද ඒ ආයතන පිළිබදව තීරණ ගන්නේ නම්, එම තීරණවල හේතුව පැහැදිළි කිරීමට කටයුතු කරන ලෙසද මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.
ලෝකයේ පවතින නූතන ආර්ථික ක්‍රමවේදයන්ට අනුකූලව රටේ ආර්ථිකය ප්‍රවර්ධන කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතු බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කරයි.
පසුගිය කාලයේදී එම ක්‍රමවේදය ආරම්භ කළ නමුත් අරගලය හේතුවෙන් එය කඩා වැටුණ බවද හෙතෙම පෙන්වාදෙයි.
අරගලයේ අවසාන ප්‍රතිඵලය වූයේ එම වැඩපිළිවෙළ අතරමඟ නතර වීම බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart