
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව යා කරන විශ්වාසදායක පාලමක් ලෙස ශ්‍රී ලංකාව පෙරදැරි කරගනිමින්, ‘ඉන්දියන් සාගර සියවස’ (Indian Ocean Century) වැළඳගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කලාපීය නායකයන්ගෙන් ඉල්ලා සිටී.
සිංගප්පූරුවේ පැවැති ගෝලීය ආර්ථික සහයෝගිතා නැගෙනහිර සමුළුවට එක්වෙමින් නාමල් රාජපක්ෂ මේ බව ප්‍රකාශ කළේය.
එහිදී ඔහු මිලිකන් ආයතනයේ (Milken Institute) ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ගේ සභාපති සහ ආසියානු සංවර්ධන බැංකුවේ හිටපු අමෙරිකානු තානාපති කර්ටිස් එස්. චින් සමඟ විශේෂ සාකච්ඡා මණ්ඩපයකට ද සම්බන්ධ විය. මෙම සැසිය පවත්වනු ලැබුවේ අනාගත ආර්ථික සහයෝගිතා කවුන්සිලයේ සැටලයිට් රැස්වීමට සමගාමීවය.
ශතවර්ෂ ගණනාවක් පුරා ශිෂ්ටාචාරයන් එකිනෙක සම්බන්ධ කිරීමට ඉන්දියන් සාගරය ඉටුකළ භූමිකාව, දැන් අනාගතය යා කිරීම වෙනුවෙන් පරිවර්තනය විය යුතු බව නාමල් රාජපක්ෂ මෙහිදී අවධාරණය කළේය.
“අපි ඇතුළු වෙමින් සිටින්නේ ඉන්දියන් සාගරයේ දශකයට නෙවෙයි. අපි ඇතුළු වෙමින් සිටින්නේ ඉන්දියන් සාගරයේ සියවසට” යැයි ප්‍රකාශ කළ ඔහු, ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම සහ ගෝලීය සහයෝගිතාව සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස කටයුතු කිරීමට රටට ඇති හැකියාව ද පෙන්වාදුන්නේය.
හෙට දවසේ රැකියා වෙළෙඳපොළ සඳහා තරුණ පරපුර සූදානම් කිරීමේ වැදගත්කම පෙන්වාදුන් නාමල් රාජපක්ෂ, නවෝත්පාදනය, සහයෝගීතාව සහ මූලාරම්භයන් තුළින් මීළඟ පරපුර සවිබල ගැන්විය යුතු බව කියාසිටියේය.
ශ්‍රී ලංකාවේ අනාගතය රැඳීපවතින්නේ සාම්ප්‍රදායික රැකියා භූමිකාවන්ට වඩා නැඟී එන කර්මාන්ත සඳහා තරුණ තරුණියන්ට අවශ්‍ය කුසලතා ලබාදීම මත බව ද ඔහු අවධාරණය කළේය.
ගෝලීය ආර්ථික සහයෝගිතාව සඳහා වන මාර්ග ගවේෂණය කිරීම වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදකයෝ, ආර්ථික විද්‍යාඥයෝ සහ ප්රමුඛ පෙළේ මතධාරීහු රැසක් මෙම නැගෙනහිර සමුළුව සඳහා එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart