
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ තීරණයේ සිටින මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන්ට ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්වල අසුන්ගැනීමට සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවැසේ.
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට වූ ස්ථාවරයේ සිටින කණ්ඩායමට ඇතුළත් වන්නේ මන්ත්‍රීවරුන් විස්සකට අඩු පිරිසකි.
මෙතෙක් කල් ආණ්ඩුවේ කටයුතුවලට සහාය දුන් එම පිරිස වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සහාය දීමත් සමග විපක්ෂයේ භූමිකාව ඉටුකරන පිරිසක් බවට නිතැතින්ම පත්වේ.
සෙසු මන්ත්‍රීවරුන් ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම්වලදී මේ පිරිස සභාවේ අසුන් ගැන්වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට සූදානම් වන බව ද දැනගන්නට ඇත.
මේ අතර වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට මතයේ සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කණ්ඩායමේ සිටින ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් ද පක්ෂයේ තීරණයත් සමග කිසියම් අර්බුදකාරී තැනකට ගොස් ඇති අතර ආණ්ඩුවට විරුද්ධ මතයක සිට එම තනතුරු දැරීම ද ගැටලුකාරී වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart