
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමාජ ක්‍රියාකාරිකයකු යැයි කියාගන්නා නාමල් කුමාර කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) විසින් අද (01) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ කීර්තිනාමයට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන හඬපටයක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිසිය සඳහන් කළේය.
පසුගියදා කොළඹ අගරදගුරු පදවිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියේය.
අගරදගුරු පදවියේ මාධ්‍ය අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා කියාසිටියේ නාමල් කුමාර පාස්කු ඉරුදින සමූලඝාතනවලට අනුබල දෙන්නෙකු බවත්,වෙනත් පාර්ශවයක ඉල්ලීමකට අනුව තවත් නාටකයක් සැලසුම් කරන බවත් ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart