February 11, 2026

තමා බෞද්ධයෙක් බවත්, මම ඒ වෙනුවෙන් පෙනීසිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂල පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හෙතෙම මෙසේද ප්‍රකාශ කරයි.

“අපි සිංහල බෞද්ධාගම වෙනුවෙන් පෙනීසිටිනවා. මොකද මේ රටේ බහුතරයක් බෞද්ධ ජනතාව ඉන්නවා. ඒ වගේම අපි මේ රටේ බෞද්ධයෝ. ඉතින් අපි මේ රටේ ජනතාව වෙනුවෙන් සහ බෞද්ධ වෙනුවෙන් පෙනීඉන්නවා හැබැයි බුද්ධ ධර්මය වෙනුවෙන් සහ බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සංඝරත්නය වෙනුවෙන් පෙනීඉන්න එක ජාතිවාදය නෙමෙයි.

ඒ වගේම බෞද්ධ සංස්කෘතිය සහ බෞද්ධ දර්ශනය වගේම මේ රටේ සියලු ආගම් සියලු සංස්කෘතියෙන් ආරක්ෂා කරන අපි පෙනීසිටිනවා. මේ රට ගොඩනැගිලා තියෙන්නේ බෞද්ධ පදනම මත. මේ රටේ සියලු ආගම් ආරක්ෂා කරන්න හැකියාව තියෙනවා.
ඒ හින්දා අපි බයක් නෑ. මම සිංහල බෞද්ධ තමයි. ඒ වගේම මම අනිත් සංස්කෘතියෙන් ආරක්ෂා කරන්නත් කටයුතු කරනවා.

එහෙම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මට මගේ සංස්කෘතිය මගේ දහම මම විශ්වාස කරන නිසා.ඉතින් ආගමක් දහමක් විශ්වාස කරන්නේ නැති අයට තවත් කෙනෙක්ගේ භාෂාවක් ආගමක් දහමක් සංස්කෘතියක් ආරක්ෂා කරන්න බෑ.”

“මූලිකව තමන්ගේකම තමන් හැදිච්ච පරිසරය තමන්ගේ රට තමන්ගේ ජාතිය තමන්ගේ ආගම අමතක කරලා යම්කිසි කෙනෙක් හිතනවා නම් ඉදිරියට යන්න පුළුවන් කියලා ඔහුට අනන්‍යතාවයක් නෑ. ඒ හින්දා පළවෙනි දේ තමයි තමන්ට තමන් කවුද කියන එක පිළිගන්න පුළුවන්නම් ඒ කෙරෙහි තමන්ගේ විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන් නම් අනිකව ආරක්ෂා කරන්න පුලුවන්.හැබැයි තමන්ට තමන්ගේ ආගම දහම බය නැතුව ප්‍රකාශ කරන්න ආත්ම ශක්තියක් නැත්තන් ඔහු කවදාවත් තවත් ආගමක් දහමක් ආරක්ෂා කරන්නේ නෑ.යම්කිසි කෙනෙක් හිතෙනවා නම් නාමල් රාජපක්ෂ බෞද්ධයෝ වෙනුවෙන් වගේම මේ රට වෙනුවෙන් පෙනී හිටීම ජාතිවාදයක් කියලා නෑ. මම ජාතිවාදී නෑ .මම සිංහල මම බෞද්ධ.හැබැයි ඒ වගේම තමයි මම අනෙක් සංස්කෘතින් භාෂාවල් ආගම් ආරක්ෂා කරන්නත් මම කටයුතු කරනවා.”