July 19, 2026

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ලිමිනි රාජපක්ෂ ලංකාවෙන් බැහැරව සුවිශේෂී සංචාරයක නිරත වුණා ඉන්නවා කියලා ආරංචි වෙනවා.

ඔවුන් දෙන්නා පසුගිය සතියේ මුලින්ම ගොඩබැහැලා තියෙන්නේ මාලදිවයිනට. ඒ නිකන්ම නිකන් සංචාරයකට නෙවෙයි, මාලදිවයිනේ හිටපු ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලිහ්ගේ දියණියගේ විවාහ මංගල්‍යයට සහභාගී වෙන්නයි.

මාලදිවයිනේ පිහිටි අතිසුඛෝපභෝගී රිසෝට් එකක පැවැත්වුණු මේ දැවැන්ත මංගල උත්සවය සඳහා ලංකාවෙන් විශේෂ ආරාධිතයන් ලෙස සහභාගී වෙන්න මේ යුවළට අවස්ථාව ලැබිලා තියෙනවා.

හැබැයි වැඩේ එතැනින් ඉවර වෙලා නැහැ. මාලදිවයිනේ මංගල්‍යය ඉවර වුණු ගමන්ම නාමල් රාජපක්ෂ එතැනින්ම සිංගප්පූරුව බලා පිටත්ව ගිහින් තියෙනවා.

ඒ, සිංගප්පූරුවේ පැවැත්වුණු ගෝලීය ආර්ථික සහයෝගිතා නැගෙනහිර සමුළුව අමතන්නයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට ඔහු එහිදී විශේෂ දේශනයක් ද සිදුකර ඇති බවයි වාර්තා වුණා.