April 15, 2026

එංගලන්තයේ පැවති 108 වැනි සමස්ත එංගලන්ත ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ බැඩ්මින්ටන් ක්‍රීඩිකා නදීෂා ගයන්ති රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමෙන් පසු නැවත මව්බිමට පැමිණ තිබේ.

108 වැනි සමස්ත එංගලන්ත ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලිය, රටවල් 25ක් නියෝජනයෙන් සහ ක්‍රීඩිකාවන් 400කගේ පමණ සහභාගීත්වයෙන් අප්‍රේල් 10 සිට 12 දක්වා ලන්ඩනයේදී පැවැත්විණි.

ගයන්ති වයස අවුරුදු 40ට වැඩි කාන්තා කේවල කාණ්ඩයේ රන් පදක්කම දිනා ගත් අතර මිශ්‍ර යුගළ ඉසව්වේ රිදී පදක්කම දිනා ගනිමින් අන්තර්ජාතික වේදිකාවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ශක්තිමත් දස්කම් දැක්වූවාය.

ඇය අද(15) උදෑසන ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ EK-650 ගුවන් යානයෙන් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළට පැමිණියේ පෙ.ව. 8.20ට පමණය.