
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඔසී අබේගුණසේකරගේ පුත්‍රයකු වන අසංග අබේගුණසේකර පසුගියදා youtube නාලිකාවක් සමඟ විශේෂ හෙළිදරව්වක් කර තිබේ.
අසංග අබේගුණසේකර යූඇන්පීයෙන් 2015 මහ මැතිවරණයෙහි දී ගම්පහ දිස්ත්‍රික්කයට තරග කර පරාජය වීමෙන් අනතුරුව යහ පාලන ආණ්ඩුවේ ජාතික ආරක්ෂක අධ්‍යයනායතනයේ අධ්‍යක්ෂ වශයෙන් සේවය කළේය. ඔහු දැනට ඔහු වොෂින්ටන්හි පිහිටි දකුණු ආසියානු ෆෝරසයිට් ජාලයේ වත්මන් විධායක අධ්‍යක්ෂවරයා වන අතර 2021 සිට වොෂින්ටන්හි මිලේනියම් ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් ලෙස කටයුතු කරයි.
අසංග අබේගුණසේකර ප්‍රකාශ කරන අන්දමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආරක්ෂක වළල්ලමම සීඅයිඒ සංවිධානය විසින් අල්ලා ගෙන තිබුණි. මේ බව ඔහුට ප්‍රකාශ කර ඇත්තේ ද ගෝඨාභය රාජපක්ෂම විසිනි.
මෙම යූ ටියුබ් සාකච්ඡාව ප්‍රසිද්ධියට දින ගණනාවක් ගතවී ඇති නමුත් ගෝඨාභය රාජපක්ෂ අසංග අබේගුණසේකරගේ ප්‍රකාශ තවමත් ප්‍රතික්ෂේප කර නැත.
ගෝඨාභය කියා ඇති පරිදි ඔහුගේ සම්පූර්ණ ආරක්ෂක වළල්ලම ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවය වන සීඅයිඒ සංවිධානය විසින්ම අල්ලාඉගෙන සිට තිබේ. ගෝඨාභය පසුපසින් සීඅයිඒ ඒජන්තයින් සිංගප්පූරුවට පවා ගොස් තිබේ.
ගෝඨාභය කියන පරිදි ඔහුට ජනාධිපති ධූරය අහිමි වූයේ එම පුද්ගලයන් අමෙරිකානු මධ්‍ය ඔත්තු සේවයේ අවශ්‍යතාවයන් අනුව කටයුතු කළ නිසාය.
මෙම ප්‍රකාශයේ දී ගෝඨාභය ජනාධිපති ධූර කාලයේ දීත් රනිල් රාජපක්ෂ ජනාධිපති දුර කාලයේ දීත් ආරක්ෂක ලේකම් වශයෙන් සිටි ජෙනරාල් කමල් ගුණරත්න සීඅයිඒ සංවිධානයට සහාය වූ පුද්ගලයකු ලෙස නමින් සඳහන් කර තිබේ.
එසේ නමුත් රනිල් වික්‍රමසිංහට ජනාධිපතිධූරය ලබා දීමෙහි දී ඉදිරිපත් කරන ලද එක් කොන්දේසියක් වූයේ කමල් ගුණරත්න ආරක්ෂක ලේකම් ලෙස පවත්වා ගැනීම බව ඒ දිනවල දැන ගන්නට තිබුණි.
ඉන් අදහස් වන්නේ ගෝඨාභය දැන දැනම සීඅයිඒ ඔත්තුකරුවකු ආරක්ෂක ලේකම් ලෙස තබා ගත් සහ දිගටම පවත්වා ගැනීමට කටයුතු කළ බවයි.
සීඅයිඒ සංවිධානය විසින් බිලිබා ගත් තවත් අයකු ලෙස ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර ඇති තවත් නමක් නම් ඔහුගේ විදේශ කටයුතු උපදේශක වශයෙන් සිටි අද්මිරාල් ජයනාත් කොළඹගේය. ඔහු තමා අමාරුවේ දැමීමට කටයුතු කළ අයෙක් බව පවසා තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 18 වන නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ඔහු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විදේශ කටයුතු උපදේශකවරයා ලෙසත් සේවය කළේය.
ගෝඨාභය වටා සිටි චින්තන පර්දශදය පාත් පායින්ඩර් නම් මිලින්ද මොරගොඩ විසින් දියත් කරන ලද රාජ්‍ය නොවන සංවිධානයට සම්බන්ධ වී සිටි අය බවත් අසංග අබේගුණසේකර අනියමින් සඳහන් කරයි. අදමිරාල් ජයනාත් කොළඹේ ද එහි ප්‍රධානියෙකි.
(උපුටාගැනීම – TheLeader.lk)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart