
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මැරතන් තරගයක තරගකරුවන් දිරිගැන්වීමට ගිය පාසල් සිසුවකුට එල්ල වූ පිහි පහරකින් බරපතළ තුවාල ලබා රෝහල්ගතකර සිටියදී මියගොස් ඇති බව වැල්ලම්පිටිය පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ 15හැවරිදි වැල්ලම්පිටිය කොටුවිල තුන්වන අදියර ප්රදේශයේ පදිංචි පාසල් සිසුවකු බව වාර්තා වේ.
තරගකරුවන් දිරිගැන්වීමේ යෙදී සිටියදී පිරිසක් සමඟ ඇති වූ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් එම සිසුවාට පුද්ගලයන් හතරදෙනකු විසින් තියුණු ආයුධ ප්රහාරයක් එල්ල කර ඇති බව පොලිසිය පවසයි.
සිසුවාට පහරදුන් සැකකරුවන් 04දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව පොලිසිය වැඩිදුරටත් පවසයි.
එලෙස රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් 04 දෙනාගෙන් දෙදෙනකු හට මීට පෙරද මිනීමැරුම් චෝදනා තිබෙන බවද විමර්ශනවලදී හෙළිවී තිබේ.
මේ සම්බන්ධව ඉදිරි විමර්ශන වැල්ලම්පිටි පොලිසිය සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart