
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ නිර්මාණය කර ඇති කෘත්‍රිම ගිණුම් (synthetic personas) සහ දේශපාලනමය වීඩියෝ (political deepfakes) මගින් ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයට සහ මැතිවරණවල සාධාරණත්වයට දැඩි තර්ජනයක් එල්ල වෙමින් පවතින බව කෘත්‍රිම බුද්ධිය මගින් උත්පාදනය කරන අන්තර්ගතයන් පිළිබඳව නිකුත් වූ නව වාර්තාවකින් පෙන්වා දී තිබේ.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අනුකරණය කරමින් සකස් කළ වීඩියෝ දර්ශන නැරඹූ වාර ගණන ලක්ෂ 12 (මිලියන 1.2) ඉක්මවා යාමෙන් පසුව මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.
ස්වාධීන පර්යේෂක ආචාර්ය සංජන හත්තොටුව විසින් සකස් කරන ලද From bedrooms to Parliament: AI women, political deepfakes, and Facebook’s growing failures නම් මෙම වාර්තාව, ශ්‍රී ලාංකික කාන්තාවන් ලෙස පෙනී සිටින AI ගිණුම් පිළිබඳව මීට පෙර සිදුකරන ලද අධ්‍යයනයක ඉදිරි පියවරකි.
මුලදී පාරිභෝගික අවධානය දිනාගනිමින් වැඩිහිටි චැට් (adult chat), සූදු, ක්‍රිප්ටෝ කරන්සි සහ වෙනත් මුල්‍යමය ගමනාන්ත වෙත පරිශීලකයන් යොමුකිරීම සඳහා භාවිත කරන ලද මෙම අසත්‍ය ගිණුම්, මේ වන විට දේශපාලනික අන්තර්ගතයන් ප්‍රචාරය කිරීම සඳහා යොදාගැනීම ආරම්භ කර ඇති බව වාර්තාවේ සඳහන් වේ.
අග්‍රාමාත්‍ය අමරසූරිය අනුකරණය කරමින්, ඇය කිසිදා නොපැවසූ ප්‍රකාශ ඇතුළත් කළ AI වීඩියෝ 10ක් පිළිබඳව මෙහිදී කරුණු දක්වා ඇත.
මදුරුවන් සමලිංගිකයන් කිරීමෙන් ඩෙංගු මර්දනය කරන බවට අග්‍රාමාත්‍යවරිය පවසන අයුරින් ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද එක් වීඩියෝවක් පමණක් වාර 3,24,000කට වඩා නරඹා තිබේ. මෙම වීඩියෝ 10ම එකතුව නැරඹූ වාර ගණන ලක්ෂ 12 ඉක්මවයි.
එමෙන්ම, අදාළ වීඩියෝ නිර්මාණය කිරීමට යොදාගත් AI මෘදුකාංගයේ දිය සලකුණ (watermark) පැහැදිලිවම දර්ශනය වී තිබුණද, ෆේස්බුක් ආයතනය විසින් එම වීඩියෝ පිටුවල ඒවා AI මගින් සකසන ලද බවට වන නිල දැනුම්දීමක් ප්‍රදර්ශනය කර නොතිබූ බව ද වාර්තාව හෙළිකරයි. මෙම වීඩියෝ යටතේ අග්‍රාමාත්‍යවරියට එල්ල වූ ස්ත්‍රී පුරුෂභාවය මුල් කරගත් මඩගැසීම් ඇතුළත් වූ අතර, ඇතැම් පරිශීලකයන් මෙම අසත්‍ය ප්‍රකාශ සැබෑ ඒවා ලෙස පිළිගෙන තිබූ බව ද දක්වා ඇත.
ව්‍යාජ කාන්තා ගිණුම් හරහා පිරිස ඒකරාශී කරගත් මෙම පද්ධතියම, දේශපාලන බලපෑම් එල්ල කිරීමේ මෙහෙයුම් සඳහා ද යොදාගත හැකි බවට ආචාර්ය හත්තොටුව අනතුරු අඟවයි. වඩාත් සංකීර්ණ කෘත්‍රිම මාධ්‍ය භාවිතයන් පහසුවෙන් නිෂ්පාදනය කිරීමට සහ බෙදාහැරීමට හැකිවීම මත, ඉදිරි ජනාධිපති සහ පාර්ලිමේන්තු මැතිවරණවලට මෙන්ම මැතිවරණ අතරතුර සිදුවන දේශපාලන සංවාදවලට සහ රාජ්‍ය පාලනයට ද මෙයින් අහිතකර බලපෑම් එල්ල විය හැකි බව වාර්තාවේ විධායක සංක්ෂිප්තයෙන් පෙන්වාදෙයි.
මෙම තොරතුරු දැනටමත් නිල වශයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ අවධානයට ද යොමුකර ඇත. සැප්තැම්බර් 7 වන දිනැති ලිපියක් මගින් ආචාර්ය සංජන හත්තොටුව අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත මෙම වාර්තාව යොමුකර ඇති අතර, ෆේස්බුක්හි මව් සමාගම වන ‘මෙටා’ (Meta) ආයතනයෙන් මේ පිළිබඳව වගකීම් සහගත ප්‍රතිචාරයක් ලබාගන්නා ලෙස ඉල්ලා සිටියි.
සිංහල සහ දෙමළ භාෂාවලින් සිදුවන මෙවැනි වංචනික AI නිර්මාණ හඳුනා ගැනීමට සහ ලකුණු කිරීමට (labeling) නිසි පියවර ගැනීම, ස්ත්‍රී පුරුෂභාවය මුල් කරගත් අපහාසයන්ට විසඳුම් සෙවීම සහ ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා හදිසි සමාලෝචනයක් සිදුකරන ලෙස ද එම ලිපියෙන් ඉල්ලා තිබේ.
මෙම තර්ජනය යම් එක දේශපාලන පක්ෂයකට පමණක් සීමාවූවක් නොවන බවත්, අතථ්‍ය (AI) ගිණුම් රජයට පහරදීමට මෙන්ම රජය වෙනුවෙන් පෙනීසිටිමින් දේශපාලන ප්‍රතිවාදීන්ට පහරදීමට ද යොදාගෙන ඇති බවත් එම ලිපියේ සඳහන් වේ.
කෘත්‍රිම දේශපාලන අන්තර්ගතයන් මගින් ඇතිවන අවදානම් පාලනය කිරීම සඳහා මෙටා ආයතනය, ශ්‍රී ලාංකික බලධාරීන්, මැතිවරණ කොමිෂන් සභාව සහ ස්වාධීන පර්යේෂකයන් අතර අඛණ්ඩ සහයෝගීතාවයක අවශ්‍යතාව ද ආචාර්ය හත්තොටුව වැඩිදුරටත් අවධාරණය කර ඇත.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart