September 10, 2026

රට තුළ පවතින උද්ධමනය පාලනය කිරීම සඳහා වත්මන් ආණ්ඩුවට පැහැදිළි වැඩපිළිවෙළක් ඇතැයි පෙනෙන්නට නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ රට තුළ පවතින ඉල්ලුම සපුරාලීම සඳහා ප්‍රමාණවත් සැපයුමක් නොමැතිවුවහොත් එය ඉල්ලුමක් අනුව උද්ධමනය ඉහළ යාම බව සහ පිටරටින් ආනයනය කිරීමේදී පාලනයක් නොමැතිව ආනයනය කළහොත් සිදුවන මිල ඉහළ යාම ආනයනික උද්ධමනය බවයි.

එහිදී පළමු උද්ධමන තත්වය පාලනය කළ හැකිවුව ද දෙවන තත්වය පාලනය කළ නොහැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම මන්ත්‍රීවරයා පැවසුවේ මෙම තත්වයන් සඳහා ඕනෑම ආණ්ඩුවකට මුහුණදීමට සිදුවන බවයි.

එවන් පසුබිමක් තුළ එක් කොටසකට 76 සාපයක් යනුවෙන් පවසා තවත් කොටසකට මෙය ජාත්‍යන්තර අර්බුදයක් යනුවෙන් පැවසීමේ කිසිඳු හැකියාවක් නොමැති බව පැවසූ මන්ත්‍රීවරයා ආණ්ඩුව සිදු කළ යුතු වන්නේ මෙම ආර්ථික අර්බුධ සඳහා ජාතික වශයෙන් විසඳුමක් සෙවීම බව ද පෙන්වා දුන්නේය.