
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වාහන අංක තහඩු හිඟය ඉදිරි මාස හය ඇතුළත සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අපේක්ෂා කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තුෂාර ප්‍රනාන්දු පවසයි.
මාර්තු 10 වැනිදා නව කොන්ත්‍රාත්කරුවකු විසින් අංක තහඩු නිෂ්පාදනය ආරම්භ කිරීමෙන් පසු අංක තහඩු 62,000 ක් පමණ නිෂ්පාදනය කර ඇති බවත්, 2023 සහ 2024 වසරවල ලියාපදිංචි කරන ලද වාහනවලට අදාළ අංක තහඩු 32,000 ක පමණ සංඛ්‍යාවක් තවමත් ලබාදීමට හිඟව පවතින බවත් ඔහු පැවසීය.
මෙම හිඟය පියවීමේ උත්සාහයේ තවත් පියවරක් ලෙස 2025 වසරේ ලියාපදිංචි වූ වාහන සඳහා අංක තහඩු ලබාදීමට අදාළ නව ගිවිසුම ලබන සතියේදී අත්සන් කිරීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.
මෙම අංක තහඩු හිඟය සම්පූර්ණයෙන් පියවා ගැනීමෙන් පසුව, වාහනයක් ලියාපදිංචි කර දින හතක් ඇතුළත අංක තහඩු නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
එමෙන්ම මෝටර් රථ, ත්‍රීරෝද රථ, මෝටර් සයිකල් සහ SUV රථ ඇතුළු සියලුම විදුලි වාහන සඳහා විශේෂ කොළ පැහැති අංක තහඩු නිකුත් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය. මෙම කොළ පැහැති අංක තහඩු වාහනයේ ඉදිරිපස සහ පසුපස යන දෙපසටම නිකුත් කෙරේ.
එසේම වාහනයක ලියාපදිංචි හිමිකරුම එය ධාවනය කළ යුතු නැති බවටද ඔහු පැහැදිලි කළේය. පුද්ගලයකු සතු වාහනයක් ඔහුගේ හෝ ඇගේ ස්වාමිපුරුෂයා, බිරිඳ හෝ දරුවකුට ධාවනය කළ හැක.
කෙසේවෙතත්, වාහනයක් වෙනත් ආයතනයකට හෝ පාර්ශවයකට කුලී පදනම මත ලබාදෙන්නේ නම්, එය අදාළ කුලී රක්ෂණ ආවරණය (Hiring Insurance) යටතේ ධාවනය කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart