
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ණයට ලබාදුන් මුදලක් යළි ඉල්ලා ගැනීමට යාමේදී තියුණු ආයුධයකින් සිදුවූ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම සිදුවීම වාර්තා වන්නේ මහරගම නාවින්න ප්‍රදේශයෙනි.
කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි මියගිය 58 හැවිරිදි පුද්ගලයා තමන් විසින් නාවින්න ප්‍රදේශයේ පුද්ගලයෙකුට ලබාදුන් ණය මුදලක් යළි ඉල්ලා ගැනීමට තවත් අයෙකු සමග ණය ගත් පුද්ගලයාගේ නිවසට පැමිණ ඇත.
එහි වසා තිබූ ගේට්ටුව විවෘත කිරීමට යාමේදී 60 හැවිරිදි අදාළ ණය මුදල ලබා ගත් පුද්ගලයා තියුණු ආයුධයක් රැගෙන විත් මොවුන් දෙදෙනාට පහර දී තිබේ.
පැමිණි ත්‍රීරෝද රථයෙන්ම ඔවුන් රෝහලට ගොස් ඇතත් හෝමාගම රෝහලේදී ණය ලබාදුන් පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත.
සැකකරු හෝකන්දර ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart