April 12, 2026

හොරණ මල්වානේගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී වයස අවුරුදු 46ක පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මියගිය පුද්ගලයා පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු ලෙස හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.

අසල්වැසියකු සමඟ ඇති වූ පෞද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් පසු මෙම ඝාතනය සිදු කර ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇති බවත්, එහිදී අසල්වැසියා මියගිය පුද්ගලයාට තියුණු ආයුධයකින් පහර දී ඇති බවත් පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් 32 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෘත ශරීරය හොරණ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර, හොරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.