
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මිතුරන් සිව්දෙනකු අතර පැවැති මත්පැන් සාදයකදී “කොණ්ද පණ නෑ” යැයි කියූ කතාවක් දුරදිග යෑමෙන් පරාළයකින් හිසට පහර දීමෙන් බරපතල තුවාල ලද පුද්ගලයකු දින 6 කට පසු මියගිය බව අගලවත්ත පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ අගලවත්ත ගිරිකොල, ලන්දේවත්ත පදිංචිව සිටි ඩි කේ එම් සම්පත් (44) නමැති අයයි.
ඝාතනය සම්බන්ධයෙන් නිවෙස් හිමිකරු ඇතුළු තිදෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර විශ්රාමික නාවික හමුදා සෙබළුකු වන බව පොලිසිය කියයි.
ඉකුත් 20 වැනි දින සැකකරුවන් හා මරණකරු මෙන්ම ප්රධාන සැකකරු වන 60 හැවිරිදි පුද්ගලයාගේ නිවසේ මත්පැන් පානය කරමින් සිටියදී මෙම බහින්බස්වීම සිදුවී ඇතැයි පොලිසිය කියයි.
60 හැවිරිදි පුද්ගලයාගේ බිරිඳ ඔහුව අතහැර ගොස් සිටින අතර මරණකරු විසින් මත්පැන් සාදය අතරතුරදී “උඹගේ කොන්ද පණනැති නිසා තමයි ගෑනි දාලා ගියේ” යනුවෙන් පැවසීමත් සමගම සැකකරු ඔහුව තල්ලුකර ඇති අතර ඒ සමගම එම පුද්ගලයා බිමවැටී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඒ සමගම ප්රධාන සැකකරු අසල තිබූ අඩි හතරක් පමණ දිගැති පරාල කැබැල්ලක් අතට ගෙන හිසට පහරක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.
එම පහරින් හිසින් ලේ ගලන තුවාල සහිතව සීහි විසඥව ඇති එම පුද්ගලයාව සෙසු පිරිස විසින් කළුතර නාගොඩ රෝහල වෙත යොමු කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කර තිබීයදි මියගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.
පහරදීමට යොදාගත් පරාළ කැබැල්ල ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අගලවත්ත ගිරිකොල පදිංචිකරුවන් වන අතර වයස අවුරුදු 36 හා 60 අතර පසුවන්නන්ය.(අද)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart