
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පුවක්පිටිය ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය ඔස්සේ පෞද්ගලික බස් රථයක් ධාවනය කළ රියදුරු ජුනි මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඇඹිලිපිටිය ප්‍රදේශයේදී පසුගිය 02 වැනිදා අත්අඩංගුවට ගත් බස් රථ රියදුරු ඊයේ (03) අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
මිනීමැරීමට තැත් කිරීම, රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබියදී රිය පැදවීම, බීමත්ව රිය පැදවීම, රජයේ දේපළවලට අලාභ හානි සිදුකිරීම ඇතුළු චෝදනා කිහිපයක්ම රියැදුරුට එරෙහිව පොලිසිය ගොනුකර තිබේ.
මේ අතර අදාළ බස් රථයද පොලිස් භාරයට ගෙන ඇත.
තදබදයෙන් යුත් ප්‍රධාන මාර්ගයකට සමාන්තරව දුම්රිය මාර්ගය ඔස්සේ පෞද්ගලික මගී බස් රථයක් ධාවනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඉරිදා දිනයේ (02) සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart