
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පේරු හි හිම කඳු මුදුනක් තරණය කරමින් සිටියදී අතුරුදහන් වූ ඇමරිකානු කඳු නගින්නෙකුගේ මමීකෘත දේහය වසර 22 කට පසු සොයාගෙන තිබේ.
එවකට 59 හැවිරිදි වියේ පසුවූ විලියම් ස්ටැම්ප්ෆ් නමැත්තා 2002 ජූනි මාසයේදී අතුරුදහන් වූයේ, යුංගේ පළාතේ අඩි 22,000ක් උස හුවාස්කරන් කන්ද තරණය කරමින් සිටියදී හිම කුණාටුවක් හේතුවෙනි.
ස්ටැම්ප්ෆ් නමැත්තාගේ සිරුර, ඇඳුම් පැළඳුම්, කඳු නැගීමේ ආම්පන්න සහ විදේශ ගමන් බලපත්‍රය සීතලෙන් ආරක්ෂා වී තිබී ඇත.
මමීකෘත ලේඛන හේතුවෙන් ඔහුගේ සිරුර හඳුනාගැනීමට පොලිසිය සමත් වී තිබේ.
පේරු පොලිසිය AFP පුවත් සේවයට පවසා ඇත්තේ, ඇන්ඩීස් කඳුකරයේ Cordillera Blanca කඳු වැටියේ අයිස් දියවී යෑමෙන් පසුව සිරුර මතු වූ බවයි..
පසුගිය දශක හය තුළ පේරු රාජ්‍යයට එහි ග්ලැසියර මතුපිටින් අඩකට වඩා අහිමි වී ඇති අතර 2016 සහ 2020 අතර දේශගුණික අර්බුදය හේතුවෙන් ග්ලැසියර 175 ක් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී ඇති බව ග්ලැසියර අධ්‍යයනය කරන රාජ්‍ය ආයතනයක විද්‍යාඥයන් සොයාගෙන ඇත.
ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පසුගිය වසරේ ප්‍රකාශ කළේ, පසුගිය දශකය වාර්තාගත උණුසුම්ම කාලය වූ අතර එය ධ්‍රැවීය සහ කඳුකර අයිස් දියවීමට සහ මුහුදු මට්ටම 20 වැනි සියවසට වඩා වේගයෙන් ඉහළ යෑමට හේතුවී ඇති බවයි.
ග්ලැසියර වසරකට ‘පෙර නොවූ විරූ ලෙස’ මීටරයකින් තුනී වී ඇති අතර, ඇන්ටාක්ටික් මහාද්වීපික අයිස් තට්ටුව 2001 සහ 2010 අතර සිදුවූවාට වඩා 2011 සහ 2020 අතර සියයට 75 කට ආසන්න අයිස් ප්‍රමාණයක් අහිමි වී ඇති බව එහි සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart