
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුලතිව් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කේ.අකිලේන්ද්‍රන් ඕමන්ත ප්‍රදේශයේදී ඊයේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
වෛද්‍ය අකිලේන්ද්‍රන් මුලතිව් සිට වවුනියාව දෙසට කැබ් රථයකින් යමින් සිටියදී වව්නියාවේ සිට කිලිනොච්චිය දෙසට ධාවනය වූ ටිපර් රථයක් කැබ් රථයේ මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ විය.
ටිපර් රථය ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී මෙම අනතුර සිදුව ඇති බවට පොලිසිය සැකකරයි.
එහිදී බරපතළ තුවාල ලැබූ වෛද්‍යවරයා වව්නියාව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් තිබේ.
අනතුරින් ටිපර් රථයේ රියදුරු සුළු තුවාල ලබා රෝහල්ගතකර පසුව අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart