
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමාජ මාධ්‍ය ඔස්සේ පළකළ ඊශ්‍රායල විරෝධී ප්‍රකාශයක් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි 21 හැවිරිදි මොහම්ඩ් සුහයිල් නමැති තරුණයා අදාළ නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 09ක් රඳවාගෙන සිටි එම තරුණයා ඉකුත් ජූලි 15 වැනි දින ඇප මත මුදාහැර සිටි අතර ඔහු නිදොස් කොට නිදහස් කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර ඇත.
මුහම්මද් සුහයිල් වෙනුවෙන් පෙනීසිටි සමාජ සාධාරණත්වය සඳහා වූ නීතිඥ සංවිධානයේ නීතීඥ ඉල්හාම් හසනලි අධිකරණයෙන් ඉල්ලා සිටියේ අපරාධයක් පිළිබඳ කිසිදු සාක්ෂියක් විමර්ශනවලින් අනාවරණය වී නොමැති බවට පොලිසිය දැනටමත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර ඇති බැවින් තම සේවාදායකයා නිදහස් කරන ලෙසයි.
පරීක්ෂණවලින් අපරාධයක් පිළිබඳ කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැති බවට පොලිසිය දැනටමත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර ඇති බැවින් ඔහු තවදුරටත් මෙම නඩුවට බැඳ තැබීම අසාධාරණයක් බව ද නීතීඥයා පෙන්වාදුන්නේය.
ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අනුව ගොනුකර ඇති නඩුවෙන් මුහම්මද් සුහයිල් සම්පූර්ණයෙන් නිදහස් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මේ අතර, මුහම්මද් සුහයිල් වෙනුවෙන් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීමට සමාජ සාධාරණත්වය සඳහා වන නීතිඥයන් පියවර ගෙන තිබේ.
මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සුහයිල් ප්‍රථම වරට අත්අඩංගුවට ගනු ලැබුවේ 2024 ඔක්තෝම්බර් මාසයේදී දෙහිවල ඊශ්‍රායල් කොන්සියුලර් පරිශ්‍රය අසලදීය.
ඔහුගේ ජාතික හැඳුනුම්පත රැගෙන නොයෑම සම්බන්ධයෙන් මුලදී රඳවා තබාගෙන සිටි අතර එය ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු අධිකරණය විසින් මුදාහරිනු ලැබුවද, ඊශ්‍රායල ධජය පාගා දමන අයුරු දැක්වෙන Instagram සටහනක් හේතුවෙන් ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ටික කලකට පසු නැවත අත්අඩංගුවට ගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart