May 4, 2026

අල්ලස් කොමිසම විසින් නිකුත්කර ඇතැයි කියන නොතීසිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මෙතෙක් ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

අද(04) කළුතරදී ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු ඒ සම්බන්ධයෙන් මෙසේද පැවැසීය.

මහින්ද මහත්තයට අල්ලස් එකෙන් කැඳවීමක් තියෙනවා කියලා සමාජ මාධ්‍යයේ ගිහින් තියෙනවා. තාම ලිඛිතව ලියුම ඇවිල්ල නෑ. සාමාන්‍යයෙන් ඉතින් ඔවුන්ට සම්බන්ධ සමාජ මාධ්‍යවලට ඕක දෙනවා කියන්නේ, ලියුම එනවා ඇති මඟ. ඉතින් සමාජ මාධ්‍යයේ තියෙන විදියටත් දැනගන්න තියෙන විදිහට අර බලහත්කාරයෙන් බලෙන් ලියාගත්ත කට උත්තරය සම්බන්ධයෙන් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයගෙන් අහනවා කියලා කියන්නේ. ඉතින් ලියාගත්තු කෙනත් දිවුරුම් ප්‍රකාශයක් දීලා තියෙනවා බලහත්කාරයෙන් තමයි ලියාගත්තේ කියලා. ඉතින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් කටඋත්තරයක් ගන්න කෙනෙක්ව බලහත්කාරයෙන් බයකරලා කටඋත්තරයක් ලියාගෙන තියෙනවා. මහින්ද මහත්තයා ඉතින් ඔයිට වඩා දේවල් වලට උත්තර දීලා තියෙනවානේ…”