
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැති ඇමතිවරුන් කිහිපදෙනකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට භාරදී ඇති වත්කම් බැරකම් ප්‍රකාශවල වැරදි නිවැරදි කරගෙන ඇතැයි වාර්තා වේ.
ඔවුන් මෙම වැරදි නිවැරදි කරගෙන ඇත්තේ කොමිෂන් සභාවට ලිපි සහ දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමෙනි.
මේ සම්බන්ධයෙන් කරුණු දක්වන අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පැවසුවේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී තමා අතින් වරදක් සිදුවූයේ යැයි පිළිගන්නා බවයි.
එය වංචාවක් නොවන බවත් පැහැදිලිවම අතපසුවීමක් බවත් ඔහු සඳහන් කළේය.
තමා ඒ අඩුපාඩුව නිවැරදි කළ බව පැවසූ අමාත්‍යවරයා අධිකරණ ඇමැති වුණත් තමා මනුස්සයකු බවද ප්‍රකාශ කළේය.
වත්කම් බැරකම් පුරවන ලේඛනය සංකීර්ණ එකක් බවත් තොරතුරු පිරවීමේදී ඕනෑම කෙනකුට වැරැදීම් සිදුවිය හැකි බවත් බවත් ඔහු පැවසීය.
එසේම තවත් මැති ඇමැතිවරුන් පිරිසක් වත්කම් බැරකම් ප්‍රකාශවල වැරදි නිවැරදි කිරීමට සූදානම් වෙමින් සිටින බව එම කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
මැති ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල ඇති වැරදි සම්බන්ධයෙන් සමාජයේ පසුගිය දිනවල දැඩි කතාබහක් මතුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart