
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන ලද විනය පියවරයන්ගෙන් අනතුරුව, බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැර ඇති බව කළුතර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පවසයි.
මෙසේ පක්ෂයෙන් නෙරපා හැර ඇත්තේ, බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ හිටපු සමගි ජන බලවේග කණ්ඩායම් නායක නිහාල් මෙන්ඩිස්, මොහොමඩ් නිෂාඩ්, කාන්ති පේලවත්ත, අයේෂා චාමලි සහ පුෂ්පා සමරසිංහ යන මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් පිරිසයි.
පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව, සභාවේ පාලනය පිහිටුවීමේදී පක්ෂයේ ස්ථාවරයට පටහැනිව යමින් ජාතික ජන බලවේගයට සහාය දැක්වීමේ චෝදනාව මත මෙම පියවර ගත් බව ජගත් විතාන සඳහන් කරයි.
ප්‍රදේශයේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක විසින් මෙම චෝදනාවලට අදාළ වීඩියෝ සාක්ෂි විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම විනය පියවර ගත් බව ඔහු කියාසිටියේය.
ඒ අනුව පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී මෙම මන්ත්‍රීවරුන් පස්දෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂයෙන් නෙරපාහැරීමට තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් පැවැති ජනමාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ජගත් විතාන කියාසිටියේ, අදාළ මන්ත්‍රීවරුන් දිගින් දිගටම පක්ෂයේ නියෝගවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් තමන් අවස්ථා කිහිපයකදීම පක්ෂ නායකත්වයට පැමිණිලි කර තිබූ බවයි.
“ස්වාධීන කණ්ඩායම, එක්සත් ජාතික පක්ෂය සහ අපේ මන්ත්‍රීවරුන් හයදෙනා ඇතුළුව ඒකාබද්ධ විපක්ෂය ලෙස අපිට මන්ත්‍රීවරු 16 දෙනෙක් හිටියා. ජාතික ජන බලවේගයට හිටියේ මන්ත්‍රීවරු 9 දෙනෙක් විතරයි,” යැයි විතාන මහතා පැවසීය.
ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගයට සහාය දැක්වීමට මෙම මන්ත්‍රීවරුන් පස්දෙනා මුදල් ලබාගෙන ඇති බවට ද ජගත් විතාන චෝදනා කළේය.
“ඔවුන් මුදල් සහ අල්ලස් දීලා අපේ මන්ත්‍රීවරු පස්දෙනෙක් ඔවුන්ගේ පැත්තට ගත්තා. මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා මම දිගින් දිගටම පක්ෂයට පැමිණිලි කළා,” යැයි ඔහු කීවේය.
ප්‍රදේශයේ ප්‍රසිද්ධ හිමි නමක විසින් ලබාගත් හඬපටයක් පක්ෂ නායකත්වයට සහ පක්ෂ මහලේකම්වරයාට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙවැනි සිදුවීමක් සිදුව ඇති බව ස්ථිරවම තහවුරු වූ බව ද මන්ත්‍රීවරයා අනාවරණය කළේය.
“මේ මන්ත්‍රීවරු පස්දෙනාම පක්ෂයෙන් නෙරපාහැරියා. පසුගිය මාසයේ පැවැති සභා රැස්වීමේදී පවා ඔවුන් ජාතික ජන බලවේගය ගෙනාපු හැම යෝජනාවකටම පක්ෂව ඡන්දය දුන්නා මිසක් කවදාවත් විරුද්ධ වුණේ නැහැ. ඔවුන් වැඩ කළේ අපේ පක්ෂයේ ස්ථාවරයට සම්පූර්ණයෙන්ම පටහැනිවයි.”
මෙම නෙරපාහැරීම් හේතුවෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුර සඳහා පක්ෂ ලේඛනයේ ඊළඟට සුදුසුකම් ලබා සිටින අපේක්ෂකයන් නීත්‍යානුකූලව පත්කිරීමට පියවර ගන්නා බව ද ජගත් විතාන වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart