
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ පාතාල නායක නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ට පැනයෑමට උදව් කළ පොලිස් කොස්තාපල්වරයාගේ මව සහ මස්සිනා අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ, ‘හරක් කටා’ පළායෑමට ඔවුන්ද පොලිස් කොස්තාපල්වරයාට සහාය වී ඇති බව පරීක්ෂණවලින් හෙළිවීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ප්‍රශ්න කිරීම සඳහා ඔවුන්ව දින 90ක් රඳවා තබා ගැනීමට පොලිසියට නියෝගයක් ලැබුණු බව ඔහු පැවසීය.
මේ අතර අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ බවට සැකකෙරෙන මෝටර් රථයක් මාතර ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.
හරක් කටා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම්වලදී උප පොලිස් පරීක්ෂකවරයකුගේ ගිනි අවියක් උදුරාගෙන අත්අඩංගුවේ බේරීමට උත්සාහ කර තිබිණි.
එම පළායෑම වැලැක්වීමට උප පොලිස් පරීක්ෂකවරයා සමත් වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කෙරිණි.
පසුගිය සතියේ ඉරිදා (10) ප්‍රශ්න කිරීම සඳහා හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ආ අවස්ථාවේදී මෙම සිද්ධිය සිදුව ඇත.
එහිදී ‘හරක් කටා’ ට සහාය වූ බව කියන පොලිස් කොස්තාපල්වරයා අතුරුදන් වී ඇත.
මේ හේතුවෙන් කොස්තාපල්වරයා සොයා මෙහෙයුම් සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart