
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරයා දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බව පැවසුවද, ඉතිහාසයේ වඩාත්ම දූෂිත ගනුදෙනු සිදුවන්නේ මේ මොහොතේ බව දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර පවසයි.
මෙරට පාර්ලිමේන්තුව සහ එහි නියෝජිතයන් අතිශය දූෂිත බවද හෙතෙම පෙන්වාදෙයි.
එසේම ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය, ජනමාධ්‍ය, සෞඛ්‍ය අංශය මෙන්ම බොහෝ තැන් දූෂිත බවත්, දූෂිත නොවන්නේ කොතැනද යන්න පිළිබඳව සෙවීමට නොහැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
ඔහු මෙසේද පවසයි.
”ලංකාවේ දූෂිත ක්‍රමයේ පුරෝගාමීන් මේ රටේ ව්‍යාපෘති ඔස්සේ මහා පරිමාණයෙන් දූෂණ ක්‍රියා සිදුකිරීම ආරම්භ වුණේ 1977 පස්සේ. කාටවත් ඒක එහෙම නෙවෙයි කියන්න බෑ. හේතුව තමයි ඒ ක්‍රමය විසින් හඳුන්වාදුන් දූෂිතයන් වැජඹෙන රටක් මේක. එය එසේ නොවන්න නම් අපි යෝජනා කරන්නේ මේ මුළු සමාජයම නිවැරදි විය යුතුයි කියලා.
දැන් වාරණ නියෝගයක් ඇවිත් තියෙනවා. නමුත් අපි දන්නවා ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය දූෂිතයි. මාධ්‍යත් දූෂිතයි. සෞඛ්‍ය අංශය ඊටත් වඩා දූෂිතයි. කොතනද දූෂණය නැත්තේ කියලයි හොයාගන්න බැරි වෙලා. ඒ වගේම ව්‍යවස්ථාදායකය අතිශය දූෂිතයි. ඒ ඉන්න පුද්ගලයෝත් දූෂිතයි.
මම ජනාධිපතිවරයාට අභියෝග කරනවා සාපේක්ෂව මෙරට වඩාත් දූෂිත ගණුදෙනුව සිදු වෙමින් පවතින්නේ මේ මොහොතේ කියලා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart