
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නාගපට්ටිනම් සිට කන්කසන්තුරේ දක්වා මගී යාත්‍රා සේවාව අගෝස්තු 16 වැනිදා නැවත ආරම්භ කිරීමට නියමිතව ඇත.
දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ ප්‍රයෝජනය සඳහා කරයිකාල් හෝ වේලන්කන්නි සිට ප්‍රාන්තයේ විවිධ ගමනාන්ත වෙත තවත් දුම්රියක් හඳුන්වා දෙන ලෙස ඉන්දීය වරාය නගරයේ වෙළඳ ආයතන සහ දුම්රිය භාවිත කරන්නන්ගේ සංගමය සිය ඉල්ලීම යළිත් අවධාරණය කර ඇතැයි ද හින්දු පුවත්පත ඊයේ වාර්තා කර තිබිණි.
ඔවුන් පෙන්වා දී ඇත්තේ ප්‍රාන්තයේ සහ බැංගලෝර්හි ප්‍රධාන දකුණු දිස්ත්‍රික්ක වෙත කරයිකාල් හෝ වේලන්කන්නි සිට නාගපට්ටිනම් හරහා දුම්රිය සේවා සැපයීම ප්‍රදේශවාසීන්ට පමණක් නොව තොටුපළෙන් පැමිණෙන විදේශීය සංචාරකයන්ට ද ප්‍රයෝජනවත් වනු ඇති බවයි.
දැනට නාගපට්ටිනම් හරහා දිනපතා ධාවනය වන්නේ ශීඝ්‍රගාමී දුම්රිය දෙකක් පමණි.
එකක් කරයිකාල් සිට එර්නාකුලම් දක්වා සහ අනෙක කරයිකාල් සිට චෙන්නායි දක්වා ධාවනය වේ.
වේලන්කන්නි සිට එර්නාකුලම් දක්වා සති දෙකකට වරක් දුම්රිය සේවයක් සහ වේලන්කන්නි සිට වස්කෝ ද ගාමා දක්වා සතිපතා සේවාවක් මෙන්ම කරෙයිකාල් සිට මුම්බායි ලෝක්මාන්‍ය තිලක් ටර්මිනස් දක්වා එක් සේවාවක් දැනට ක්‍රියාත්මකය.
ඒ අනුව විශ්වාස කෙරෙන්නේ වේලන්කන්නි හෝ කරෙයිකාල් සිට බැංගලෝර් දක්වා රාත්‍රී ශීඝ්‍රගාමී දුම්රියක්, වේලන්කන්නි සිට තම්බරම් දක්වා දිවාකාල දුම්රියක්, පුනලූර්-මදුරෙයි දුම්රිය කරයිකාල් දක්වා දීර්ඝ කිරීම සහ කරයිකාල් සිට පලනි සහ පොල්ලාච්චි හරහා කොයිම්බතූර් දක්වා දුම්රියක් ධාවනය කරවීමෙන් දුම්රියට ද ආදායමක් ලැබෙනු ඇති බවයි.
යාත්‍රා සේවාව නැවත ආරම්භ කිරීම සඳහා නාගපට්ටිනම් වරාය සහ ඒ අවට යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතු බවත් වේලන්කන්නි හෝ කරෙයිකාල් සිට තවත් දුම්රිය හඳුන්වා දිය යුතු බවත් නාගපට්නම් හි ඉන්දියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති ආර්. සුභාෂ් චන්ද්‍රන් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart