
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
Gov Pay ගෙවුම් ක්‍රමය හරහා බස්නාහිර පළාතේ පමණක් දිනකට රථවාහන දඩ 300 කට වඩා ගෙවන බව ඉහළ නිලධාරීහු පවසති.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් LankaPay හි ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, අගෝස්තු 4 වැනිදා මෙම ගෙවීම් ක්‍රමය දියත්කිරීමත් සමඟ බස්නාහිර පළාත තුළ රථවාහන දඩ මුදල් ගෙවීමේ ප්‍රවණතාව වැඩිවෙමින් පවතින බවයි.
ආරම්භයේදී දිනකට රථවාහන දඩගෙවීම් 60 කින් ආරම්භ වූ එම සේවාව මේ වනවිට දිනකට 300ක් පමණ දඩ ගෙවීම් සඳහා භාවිත කෙරෙන බව ඔහු පවසයි.
එහෙත් සාමාන්‍ය පරිදි දඩ ගෙවීම් තවමත් Gov Pay ගෙවීම්වලට සාපේක්ෂව වැඩි බව පෙන්වාදෙන ඔහු පවසන්නේ, එයට හේතුව බොහෝදෙනෙක් තවමත් යෙදුමට පුරුදුවෙමින් සිටීම බවයි.
ඇතැමුන් රථවාහන දඩ ගෙවීමට FinTech යෙදුම් භාවිත කරන බව ද ඔහු පවසයි.
එමෙන්ම චන්න ද සිල්වා පවසන්නේ, ඉදිරි මාසයේ දී, දකුණු පළාත සහ තවත් පළාත් කිහිපයක් GovPay හරහා රථවාහන දඩ මුදල් ගෙවීමට සම්බන්ධ වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
එසේම ඉදිරි දශකය තුළ රජයේ ඩිජිටල් ගෙවීම් හරහා ආර්ථිකයට ඩොලර් බිලියන 3ක ඇස්තමේන්තුගත දායකත්වයක් අපේක්ෂා කෙරේ.
මෙම ක්‍රමය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර වසර අවසන් වන විට එය දිවයින පුරා ක්‍රියාත්මක වනු ඇතැයි ද ඔහු සඳහන් කරයි.
2025 පෙබරවාරි මාසයේ එම සේවාව දියත් කළ දින සිට, GovPay ඔස්සේ අගෝස්තු 22 වැනිදා විට ගෙවීම් 13,000ක් සිදුකර ඇති බවත්, බාධාවකින් තොරව සහ ආරක්ෂිත ඩිජිටල් ගෙවීම් හරහා රජයේ ආදායම රුපියල් මිලියන 95ක් උපයා ඇති බවත් වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart