
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදේශීය ආයෝජකයන් තම ආයෝජන සඳහා ශ්‍රී ලංකාවේ බදු සහ මූල්‍ය හැකියාවන් පිළිබඳ වාර්තා වැඩි වැඩියෙන් ඉල්ලා සිටින බව ඉහළ පෙළේ බදු උපදේශක සමාගම් පවසයි.
බදු උපදේශන සමාගම් දෙකක් විසින්ම ඒ බව තහවුරු කර තිබේ.
දේශපාලන ස්ථාවරත්වය සහ රටේ බොහෝ දේ සමථයකට පත් වී ඇති බැවින් තව තවත් විමසුම් ලැබෙමින් පවතින බව එම සමාගම් සඳහන් කරයි.
එම සමාගම්වලට අනුව ලබන වසර වන විට ආයෝජන කිහිපයක් මෙරටට පැමිණිය හැකිය.
මේ අතර අලෙවි කිරීමට නියමිතව තිබූ ඇතැම් හෝටල් නවීකරණය කර නැවත මෙහෙයුම් ආරම්භ කරමින් සිටින බව හෝටල් හිමියෝ පවසති.
සංචාරක සංඛ්‍යාව වැඩිවීමත් සමඟ මෙම පියවරයන්ට එළඹ තිබේ.
සංචාරක සංඛ්‍යාව වැඩිවීම ඔවුන්ගේ මෙහෙයුම් කරගෙන යෑමට නව ප්‍රබෝධයක් ලබා දී ඇත.
පසුගිය බ්‍රහස්පතින්දා වනවිට ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම් මිලියන 2 ඉක්මවා ගොස් තිබිණි.
ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ (SLTDA) දත්ත පෙන්වා දෙන්නේ දෙසැම්බරයේ පළමු භාගයේ දී සංචාරකයන් 97,115ක් පැමිණ ඇති අතර ඒ අනුව දිනක පැමිණීමේ සාමාන්‍ය 6,474ක් පමණ වී තිබේ.
එය නොවැම්බර් මාසයේ දී පැවති සාමාන්‍යය වන 6,138ට වඩා වැඩි වීමකි.
කොටස් වෙළෙඳපොළ විශ්ලේෂකයින් සඳහන් කළේ පසුගිය සති කිහිපය තුළ හෝටල් කොටස් මිල ඉහළ ගොස් ඇති බවයි.
රජයේ මූල්‍ය ප්‍රතිසංස්කරණවලින් පසු ඉහළ යන විදේශ උනන්දුව හේතුවෙන් නොවැම්බර් මාසයේදී ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා සහාය ලබා දෙන බවට පොරොන්දු විය.
ඒ, ආසියානු සංවර්ධන බැංකුවේ පෞද්ගලික අංශයේ සංවර්ධන කලාපීය ප්‍රධානී ටේකෝ කොයිකේ සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන්.ආර්.ඩී. අපෝන්සු අතර පැවති සාකච්ඡාවලදීය.
සෘජු ආයෝජන සහ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය කෙරෙහි එහිදී අවධානය යොමු වී ඇත.
දේශගුණික විපර්යාස, කෘෂිකර්මාන්තය සහ බලශක්ති ක්ෂේත්‍රවල අවස්ථා පිළිබඳව ද ඔවුන් සාකච්ඡා කර තිබේ.
සංවර්ධන ඉලක්ක සමඟ සමපාත වන තිරසාර ආයෝජන සඳහා ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට එම නියෝජිතායතනය එහිදී පොරොන්දු වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart