
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොටහේන පොලිස් වසමේ සුමිත්‍රාරාම පාරේ නිවසක් ඉදිරිපිට ඊයේ (16) සවස සිදු වූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය වී තිබේ.
පොලිසියට අනුව, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු නිවසක් ඉදිරිපිට සිටගෙන සිටි පිරිමියකුට සහ කාන්තාවකට වෙඩිතබා ප්‍රදේශයෙන් පළාගොස් ඇත.
සිද්ධියෙන් වින්දිතයන් දෙදෙනාම තුවාල ලබා ඇති අතර, තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
තුවාල ලැබූ පුද්ගලයන් කොටහේන ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පිරිමියෙකු සහ 70 හැවිරිදි කාන්තාවක් ලෙස හඳුනාගෙන තිබේ.
වෙඩිතැබීම සඳහා පිස්තෝලයක් භාවිත කර ඇති බව පරීක්ෂණවලින් තහවුරු වන බව පොලිසිය පවසයි.
කෙසේවෙතත්, වෙඩිතැබීමේ අරමුණ තවමත් නිශ්චය කර නොමැත.
අපරාධයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart