
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ජනබලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල්ගේ මෝටර් රථයේ යතුරුපැදියක් ගැටී සිදුවූ අනතුරට හේතුව මෝටර් රථයේ රියදුරුට නින්ද යෑම බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
පොලීසිය පවසන්නේ කොස්වත්ත පොලිස් වසමේ බී 419 ප්‍රදේශය ඔස්සේ මාදම්පේ සිට තෝප්පුව දෙසට ධාවනය වූ මන්ත්‍රීවරයාගේ මෝටර් රථය හලාවත හල්දඬුවන ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටී ඇති බවයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි යතුරුපැදිකරු දංකොටුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මන්ත්‍රීවරයා අද දින පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීම සඳහා යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබිණි.
මන්ත්‍රීවරයාගේ මෝටර් රථය පැදවූ ඔහුගේ ඥාතියකු ලෙස සැලකෙන රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් කොස්වත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart