
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කටුනායක ගුවන්තොටුපොලේදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් භික්ෂුන් විසිදෙදෙනා උපැවිදි කොට ගිහි නම්වලින් අදාළ නඩුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වු මහනාහිමිවරු දැනුම් දී ඇතැයි ජනාධිපති කාර්යාල වාර්තා සඳහන් කරයි.
කෙසේවෙතත් ජනාධිපති කාර්යාලය විසින් මෙම හමුව සම්බන්ධයෙන් නිල වශයෙන් නිකුත් කළ නිවේදනයේ මේ බවක් සඳහන් වන්නේ නැත.
අදාළ වාර්තාවන්ට අනුව, වත්මන් ප්රවණතා සමඟ සංඝ සමාජය ආරක්ෂා කර ගැනීම භික්ෂු වහන්සේට පමණක් සිදුකළ නොහැකි බවත්, ඒ සඳහා රජයේ සහාය අවශ්‍ය බවත් උන්වහන්සේ පෙන්වාදී තිබේ.
මෙම චීවරධාරීන් පිරිස තවදුරටත් චීවරයෙන්ම නඩු කටයුතුවලට ඉදිරිපත් කිරීමෙන් බුද්ධ ශාසනය සහ භික්ෂු සංඝයා කෙරෙහි පවතින ගෞරයට විශාල හානියක් සිදුවන බව නායකත්ව මට්ටමේ හිමිවරුන්ගේ අදහස වී ඇත.
ඒ අනුව ශාසන සම්ප්‍රදායන් හා විධික්රමයන් අනුගමනය කර එක්එක් සැකකාර භික්ෂුවගේ ගුරු හාමුදුරුවරුන්ගේද අනුමැතිය ඇතිව අදාල නිකායන්ගේ මැදිහත්වීම මත එම පුද්ගලයින් භික්ෂුත්වයෙන් නෙරපා හැරීමේ වැදගත්කම මෙහිදී සාකච්ඡා වී තිබේ.
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර මෙන්ම විහාර දේවාලගම් පනත ආදී පනත් සංශෝධනය සහ නෛතික ප්‍රතිපාදනවල සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාහිමිවරුන්ගේ අදහස වී ඇත්තේ ඉන් පසු විෂයගත නඩුවට එම සැකකරුවන් ගිහි නම්වලින් ඉදිරිපත් කිරීම සුදුසු බවයි.
එසේ නොවුණහොත් මෙරට ඉතිහාසයේ විශාලතම ගුවන්තොටුපල මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ නඩුවට., සෑම නඩු දිනකදීම චීවර පොරවාගත් විසි දෙදෙනෙකුට වඩා වැඩි පිරිසක් ඉදිරිපත් වීම දෙස් විදෙස් මාධ්‍යයේද අවධානයට ලක් වනු ඇති අතර එය සමස්ත භික්ෂු සංඝයාටම කලු පැල්ලමක් වනු ඇතැයිද උන්වහන්සේලා පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart