
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද පෙරවරුවේ මල්වතුහිරිපිටිය පොලිස් වසමේ විහාරස්ථානයකදී භික්ෂුවකට වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධයට අදාළ පුද්ගලයන පැමිණි බවට සැකකෙරන කාර් රථය කඩුවෙල පොලිස් වසමේදි ගිනි තබා ඇති බවට මෙතෙක් සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වීඇත.
කඩුවෙල පොලිස් වසමේ කැළෑබද පාලු ස්ථානයක සැකකරුවන් විසින් රථයට ගිනිතබා පළාගොස් ඇති අතර, සැකකරුවන් සොයා වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
මල්වතුහිරිපිටිය පොලිස් වසමේ කහටාන ගණාරාම මහා විහාරස්ථානයේදී මෙලෙස ඇද්ද පෙරවරුවේ අදාළ භික්ෂුවට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබිණි.
මෙලෙස වෙඩි වැදීමට ලක්වූයේ, කලපලුවාවේ ධම්මරතන නමැති වයස අවුරුදු 45ක භික්ෂුවකි.
T-56 වර්ගයේ වැනි අවියකින් වෙඩි උණ්ඩ දෙකක් මෙහිදී එල්ලකර ඇතැයි වාර්තා වේ.
CAO-5345 honda දම් පැහැති කාර් රථයෙන් සැකකරුවන් හතරදෙනකු වෙඩි තබා පළාගොස් ඇතැයි පොලිසිය පවසයි.
වෙඩි වැදුණු භික්ෂුව ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අපවත් වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart