
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බෞද්ධ ආගමට නිගාකරමින් ආගමික සංහිඳියාව බිඳෙන අයුරින් ‘ටික් ටොක්’ සමාජ මාධ්‍යවල ගිහියකු මෙන් අශ්ලීලව හැසුරුණු බව කියන රත්නපුරේ විමල බුද්ධි හිමි නොහොත් ‘විශ්ව බුද්ධ මුනි’ නමැති චීවරධාරියාගේ බැංකු ගිණුම්වලට වසරකට දෙවතාවක් විදෙස් මුදල් ලැබෙන බවට කරුණු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ ඊයේ (15) කරුණු වාර්තා කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර හිමිනමගෙන් ගත් ප්‍රකාශවලින් මේ කරුණු අනාවරණය වූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය අධිකරණයට සදහන් කළේය.
ඒ අනුව එම චීවරධාරියාගේ නමින් ඇති පෞද්ගලික බැංකු ගිණුම් දෙකක වාර්තා කැදවීමට ද අධිකරණයෙන් නියෝගයක් නිකුත් විණි.
මේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝෂන් පත්‍රයක් මඟින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙ නියෝගය නිකුත් කළේය.
අදාළ බැංකු ගිණුම්වල සාරාංශ, සැකකාර හිමිනම බැංකුවට පැමිණී සීසීටීවී දර්ශන සහිත ඩීවිඩී පට සහ විදේශ රටවලින් මුදල් ප්‍රේෂණය වීමට අදාළ වාර්තා අධිකරණයට ලබා දෙන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරයා පෞද්ගලික බැංකු දෙකක කළමණාකරුවන්ට නියෝග කළේය.
මෙම සැකකරු 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද අන්තර්ජාතික සම්මුති පනතේ (අයිසීසීපීආර්) 3 (2) සහ (3) වගන්ති ප්‍රකාරව මෙන්ම ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 290, 291 වගන්ති ප්‍රකාරව වරදවල් සිදුකර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.
සැකකාර හිමිනම ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අධිකරණයෙන් නියෝග නිකුත් වූයේ ඉකුත් 13 වැනිදාය.
මෙම චීවරධාරියාව මානසික සෞඛ්‍ය විද්‍යායතනයට යොමුකර මානසික වෛද්‍ය වාර්තාවක් දැකවන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරියට නියෝගයක් නිකුත් කළේය.
සැකකාර චීවරධාරියා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයකු බවට අධිකරණ වෛද්‍ය වාර්ථාවේ සදහන්ව ඇති බවත්, මෙම චීවරධාරියා මෙහෙයවීමට යම් සංවිධානාත්මක කල්ලියක් කටයුතු කර ඇද්දැයි යන්න සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදු කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart