
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොතුවිල් මුහුදු මහා විහාරයේ භාවනායෝගීව සිටි හිමිනමකට පහරදුන් පිරිසක් සොයා පොතුවිල් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
මෙම හිමිනම භාවනා කරමින් සිටියදී හත්දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් පැමිණ පහරදීම සිදුකර ඇති අතර, භික්ෂුන් වහන්සේ රැඳීසිටි ගල්ලෙන තුළ තිබූ මුදල් සහ ජංගම දුරකථනයක්ද පැහැරගෙන ගොස් ඇති බවට හිමිනම විසින් පොතුවිල් පොලීසියට පැමිණිලි කර ඇත.
සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොතුවිල් පොලිසිය අස්ථානගතවූ ජංගම දුරකථනය ගල්ලෙන ආසන්නයේ තිබී සොයාගෙන තිබේ.
මෙම පහරදීමට සම්බන්ධ පිරිස් සොයා මේ වන විට පොතුවිල් පොලිසිය විමර්ශන සිදු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart