
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළේ 04 වැනි වේදිකාව අසල පිහිටි වැසිකිළිය අසලදී හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි භික්ෂුවක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
දූෂණ වැටලීම් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටළීම සිදුකර ඇත.
සැකකාර භික්ෂුව පරීක්ෂා කිරීමේදී උරහිසේ එල්ලාගෙන සිටි ගමන් මල්ලේ ඇතුළත සාක්කුවේ, විනිවිද පෙනෙන පොලිතින්වලින් ඔතා දුඹුරු පාට කොළයකින් ආවරණය කරන ලද පාර්සලයක් හමුවී තිබේ. එම පාර්සලය පරීක්ෂා කිරීමේදී ඒ තුළ මත්ද්‍රව්‍ය පවතින බවට අනාවරණය වී ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කරන භික්ෂුවකි.
සැකකරු සහ නඩු භාණ්ඩ පොලිස් ස්ථානයට රගෙන ගොස් කිරා බැලීමේදී, අදාළ පාර්සලය තුළ හෙරොයින් මිලිග්‍රෑම් 88,700 ක් තිබී ඇති බව තහවුරු වී තිබේ.
සැකකාර භික්ෂුව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart