
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මොණරාගල, යාල රක්ෂිතයේ කුඹුක්කන් ඔය අසල දිගු කාලීනව පවත්වාගෙන යනු ලැබු ගංජා වගාවක් හමුදා බුද්ධි තොරතුරු අනුව වටළා ඇත.
ඒ යුධ හමුදා බුද්ධි අංශය හා මොණරාගල කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ නිලධාරීන් සමග ඒකාබද්ධවය.
පසුගිය පෙබරවාරී 04 වැනිදා මෙම වැටළීම සිදුකර තිබේ.
මෙම වැටළීමේදී කප්පාදු කිරීමට සූදානම් කර තිබූ ගංජා පැල 16800ක් හා විිණීමට සූදානම් කර තිබු වියළි ගංජා කිලෝග්‍රෑම් 1658.40ක්, මෙරට නිෂ්පාදිත කොටන තුවක්කු දෙකක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ භාණ්ඩ සියඹලාන්ඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart