February 25, 2026

දෙදින රාජ්‍ය සංචාරයක් ආරම්භ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊශ්‍රායලයට පැමිණ තිබේ.

ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළේ අග්‍රාමාත්‍යවරයා ටෙල් අවිව් හි බෙන් ගූරියන් ගුවන් තොටුපල ඔස්සේ ඊශ්‍රායලයට ළඟාවූ බවයි.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සඳහා ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මෙන්ම ඔහුගේ බිරිඳ සාරා නෙතන්යාහු ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටීම විශේෂත්වයකි.

එහිදී ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ බිරිඳ විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා උණුසුම් ලෙස පිළිගනු ලැබූ බව ද ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ආරාධනයෙන් මෙම රාජ්‍ය සංචාරය සිදු කරන අග්‍රාමාත්‍ය මෝදි දෙදිනක් පුරා ඊශ්‍රායලයේ රැඳී සිටීමට නියමිතයි.

එහිදී නායකයින් දෙදෙනා අතර ද්විපාර්ශවික සාකච්ඡා වටයක් ද පැවැත්වෙනු ඇත.